බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චරිත් දිල්ශාන්ට වද දුන් ම්ලේච්ඡයින් 09ක් ගැන ඔහු සමග වදයට ලක් වූ සිසුන් 18ක් නම් ගම් සහිතව හෙළි කරති…

පැමිණිල්ල මෙන්න...

by editor
මැයි 4, 2025
in පුවත්
charith
Share on FacebookShare on Twitter

සිය දිවි නසා ගත් චරිත් දිල්ශාන් අමානුෂික නවක වදයට ලක් කළ බවට සහතික කරමින් සබරගමුව තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුන් 18 දෙනෙක් ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ සිසුන් 09 දෙනෙකුගේ නම් ගම් හෙළිදරවු කරමින් විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි.

එමෙන්ම චරිත් දිල්ෂාන් සිය දිවි නසා ගැනීමට පෙර සිය මිතුරන් වෙත එවූ වට්ස්ඇප් පණිවිඩ කීපයක් ද එම සිසුන් විශ්වවිද්‍යාල පරිපාලනය වෙත ලබා දී ඇත.  එම සිසුන් 09 දෙනා මේ වනවිට හඳුනාගෙන තිබේ.

නවක වදය   ගර්හිත මනෝ විකෘමය පීඩාවක් වුව ද  එම පීඩාව සරසවි සම්ප්‍රදාය තුළ දෙවැනි වසරේ සිසුවෙක් හෝ සිසු කණ්ඩායමක් වෙත මුදා හැරෙන්නේ නැති වටපිටාවක මේ සිදුවී ඇති ම්ලේච්ඡ ක්‍රියාවලිය සම්බන්ධව විමර්ශකයින්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

නවක වධකයින්  09 දෙනා සම්බන්ධව දෙවැනි වසරේ සිසුන් හෙළි කර ඇත්තේ චරිත් සමග  තමන් ද එම ම්ලේච්ඡ වදයට ලක් වූ බව කියමිනි.

එම පැමිණිල්ල මෙසේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

‘‘ 04/27 දින අවුරුදු උත්සවයට සහභාගී වීමට හා එහි වැඩ කටයුතු සඳහා 21/22 තාක්ෂණ පීඨයේ අප සහෝදරයා විශ්වවිද්‍යාලයට පැමිණියා. චරිත් සහෝදරයා 26 දින ඔහුගේ මහපොළ ගැටලුවක් විසඳා ගැනීමට සහ අවුරුදු උත්සවයට සහභාගී වීමට විශ්වවිද්‍යාලයට පැමිණියා. 26 දින රාත්‍රී 10.15 ට පමණ වෙනුර නේවාසිකාගාරය තුළ චරිත් සහෝදරයා කොට කලිසමක් හැඳ කොරිඩෝවේ   සිටි බව  පවසා තාක්ෂණ පීඨයේ තෙවැනි වසර සිසුන් පිරිසක් චරිත් සහෝදරයාව වෙනුර නේවාසිකාගාරයේ 123 කාමරයට රැගෙන ගියා. ඉන් පසු පැය භාගයකට පමණ  පසු නේවාසිකාගාරයේ රැඳී සිටි අපගේ අනෙක් සහෝදරයන්ට ද එම කණ්ඩායම කතා කර අපිව රැගෙන ගියා. අපිව චරිත් ඉන්න  කාමරයට එක්කරගෙන යන විට චරිත් හට අමානුෂික වධහිංසා ලබා දෙමින් සිටියා. අපිට ද එහිදී අමානුෂික වධහිංසා ලබා දුන්නා. චරිත් සහෝදරයාට ද ඔහුගේ ඇඳුම් ගලවා යට ඇඳුම පිටින් අමානුෂික වධහිංසා ලබා දුන්නා. වධහිංසා ලබා දී අවසන් වන විට පාන්දර 2.30 පමණ වුණා. ඉන්පසු චරිත් වැඩි කතා බහක් නොමැති පැත්තකට වී කල්පනා කරමින් සිටියා. පසුදින චරිත් ගෙදර ගියා. ඉන් පසු ඔහු සියදිවි නසා ගෙන තිබුණා.‘‘ පැමිණිල්ලේ සඳහන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අස්ගිරි මහ නා හිමි නාන කාමරයේ වැටී කිසිවෙක් නොදැන පැය 04ක් ක්ලාන්තව ඉඳලා… ප්‍රභූ ආරක්ෂාව මාරයි!

Next Post

චිකන්ගුන්යා රෝගය හඳුනාගන්න අවශ්‍ය රසායනික කට්ටල රට තුළ නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.