බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චම්පික පරදවන්න කෝටි 5ක වියදමක් !

by Lanka Sara Editor
ජූනි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමා පරාජය කිරීම වෙනුවෙන් මාෆියා කල්ලි නායකයින් රුපියල් කෝටි 5ක පමණ වියදමක් දැරීමට ඉදිරිපත් ඉදිරිපත්වී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමා පරාජය කළ හැක්කේ ඔහු විසින් පසුගිය ආණ්ඩු සමයේ දී වගකීම් දැරූ අමාත්‍යාංශ යටතේ කරන ලද සංවර්ධන ක්‍රියාදාමයට වඩා වැඩි වැඩ කොටසක් සිදු කිරීමෙන් පමණක් බවයි.

එසේ නොමැතිව දූෂණ චෝදනා  හෝ මර්ධන ක්‍රියාමාර්ගවලින් හෝ දෑත්වලට මාංචු දැමීමෙන් තමා කිසිසේත් පරාජය කිරීමට කිසිදු බලවේගයකට නොහැකි බව හෙතෙම දේශපාලන වේදිකාව මත අදහස් දක්වමින් පැවසීය.

“චම්පික පරාජය කරන්න දස ලක්ෂ 50 ක් වැය කරන්න අද මාෆියා කල්ලි නායකයෝ ඉදිරියට ඇවිත්. චම්පික රණවකව හිරගෙදරට යවන්නට අද පොලිස් නිලධාරීන්ට වෙනත් අයට බලපෑම් කරන දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපව දේශපාලන වශයෙන් අනාථ කිරීම සඳහා ජඩ මාධ්‍යවල මඩ ප්‍රචාර යවා දැවැන්ත ප්‍රචාරණ යුගයකට පිවිස සිටිනවා. අපේ දූ දරුවන් අපේ පවුල්වල සාමාජිකයන් අපේ හිතවතුන් වැනි සංවේදී පිරිස් ඉලක්ක කර දුෂ්ට ක්‍රියාවක් මුදාහැරලා තියෙනවා. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් කියන්න කැමතියි, අපේ අත්වල දම්වැල් දාලා ඔය කරන ජඩ මාධ්‍ය ප්‍රහාරවලින්වත්, ඔය කරන කොමිෂන්වලින්වත්, ඔය කරන උසාවි ක්‍රියාදාමවලින්වත් අපව නතර කරන්න බෑ කියන එක.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ප්‍රභාකරන් ඉදිරියේ දන නොගහපු අපි මීට වඩා ලොකු බලවත් පිරිස ඉදිරියේ් දන නොගහපු අපි, මාවිල් ආරු සිද්ධියේදී අරලිය ගහ මන්දිරයේ වෙවුල වෙවුලා සිටින විට අපි සටන් කර ජය ගමු කියලා කියපු අපි, ඉදිරියටත් ඒ මාවතේ ඉදිරියට යන බව කියන්න කැමතියි.

අපව පරාජය කරන්නේ කොහොමද? අපව පරාජය කරන්න නම් අපට වඩා හොඳින් අපේ අමාත්‍යංශය කරලා පෙන්නන්න. අපව පරාජය කරන්න නම් අපි සැලසුම් කර තිබූ සැහැල්ලූ දුම්රිය මාර්ගය 2024 ඉවර කරන්න තිබ්බා. එක 2023 කරල පෙන්නන්න. අපිට චම්පිකට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් කියලා කරල පෙන්නන්න කියලා මම ගෝඨාභය මැතිතුමාට කියන්න කැමතියි .

ඒ වගේම අප පරාජය කරන්න නම්, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන අධිකාරිය මේ පසුගිය අවුරුදු හතර හමාර අපි කළාට වඩා හොඳට ආදායම් උපදවන අපට වඩා ලාභ පෙන්නලා, සංවර්ධන පෙන්නලා ඉන්න. ඒවගෙන් විතරයි අපව පරාජය කරන්න පුළුවන්. ඒ විදිහට අපට වඩා හොඳින් රට පාලනය කරලා පෙන්නන්න. රට සංවර්ධනය කර රට ඉදිරියට ගෙනිහින් අපට වඩා කාර්යක්ෂමව, අවංකව, දූෂණයෙන් තොරව ඒ කටයුතු කරලා පෙන්නන්න. එතකොට අපව පරාජය කරන්න පුළුවන්. එහෙම නැතුව දූෂිත, පවුල්වාදී, මර්දන ක්‍රියාමාර්ග කරලා තරුණ අපව එදා පරාජය කරන්න බැරි වුණා වගේ අදත් වැඩිහිටියන් ලෙසත් පරාජය කරන්න බැහැ.

මම ප්‍රායෝගිකවාදය අදහන්නෙක්. මා තුළ කිසිම මාක්ස්වාදය ලිබරල්වාදය වගේ මොනම ආකාරයේ mism එකක්වත් මා තුළ නැහැ. මේ රටට ලෝකයට වැඩ කරන්න පුළුවන් මොන ප්‍රායෝගිකත්වයෙන් ද? ඒක තමයි මගේ දැක්ම. මගේ සංස්කෘතිය, ධර්මය ගැන මට ආඩම්බරයක් තියෙනවා. හැබැයි වෙන කිසිම ධර්මයකට කිසිදු සංස්කෘතියකට මම ගරහන්නේ නැහැ. මා මෙතනට ඇවිත් තියෙන්නේ මගේ පවුලේ ශක්තියකින් හෝ ධන බලයෙන් නෙවෙයි. මේ කුරිරු දුෂ්ට බලවේග අපිව විනාශ කරන්න ක්‍රියා කරද්දී ඔබ අපේ ශක්තිය වෙන්න.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සීත කාමරේ ඉඳන් හදපු සෞඛ්‍ය නිර්ණායක එක්ක ඡන්ද කරන්න බෑ”

Next Post

කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි කා මැරෙන්නේ ඇයි?

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.