සුප්‍රකට නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් ලීගය වන Super Smash තරගාවලියේ කාන්තා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා, ශ්‍රී ලංකා කාන්තා කණඩායමේ නායිකවා වන චමරි අතපත්තු Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත ගත වී ඇත.
මේ වනවට ලෝක අවධානයට ලක් වෙමින් ඔස්ට්‍රේලියානු Big Bash ලීග් තරඟාවලියේ පෙරළිකාර ක්‍රීඩාවක යෙදී ඇත චමරී අතපත්තු තරගාවලියේ දෙවැනි ඉහළ ලකුණු ලාභිනිය වූවාය. එය තරගාවලිය පුරා ලකුණු 451ක් රැස් කර තිබිණි. ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 50කි. ප්‍රහාරක වේගය ලකුණු 135කි.
ජාත්‍යන්තර තලයේ ඉහළ පෙළේ වමත් පිතිකාරිනියකවන චමරි අන්තර්ජාතික එක්දින සහ විස්සයි20 තරග 220කට ක්‍රීඩා කර ඇත.
අන්තර්ජාතික එක් දින තරගව වලදී ඇය රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය නොදැවී ලකුණු 178කි.
මෙම මාදිලි දෙකේම තරගවලදී ඇය ලකුණු 5,000කට වඩා රැස් කර ඇත. පිට දඟ පන්දු යැවීමෙන් ඇය අන්තර්ජාතික කඩුලු 68ක් දවා ගෙන තිබේ.
Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වීම නිවේදනය කිරීම සදහා ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාතික මාධ්‍ය ඇමතූ චමරී අතපත්තු Super Smash තරගාවලිය සඳහා විශ්මිත Northern Brave කණ්ඩායම සමග එක්වීමට ලැබීම තමන් මහත් සතුටට පත්වන කාරණාවක් බව කීවාය.
ඇය නව අවුරුද්දට ස්වල්ප දිනකට කලින් Northern Brave කණ්ඩායම හා එක් වනු ඇති බවත්, ජනවාරි 02 දා මවුන්ට් මවුන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිය පළමු තරගයට සහභාගී වනු ඇත.
Northern Brave කණ්ඩායමේ නායිකා අයර්ලන්ත ජාතික ක්‍රීඩිකා එමියා රිචඩ්සන් පවසන්නේ කාන්තා බිග් බෑෂ් ලීගයේ ඇය දක්වන විශිෂ්ට දස්කම් දකින විට ඇය තම කණ්ඩායමට එක් වීම කණ්ඩායමේ ප්‍රහාරක ශක්තිය ඉතා ඉහළ ස්ථාවරයකට ලඟා කරනු ඇති බවය.