සම්භාවනාවට පත් සිනමා නිලි දමිතා අබේරතන් අද (07) රාත්‍රියේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් ඇයට එල්ල වී තිබේ.
දමිතා අබේරත්න අත්අඩංගුවට ගන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ දී ය. ගෝල්ෆේස් ජන අරගලය අවස්ථාව පුරා විශාල සමාජ භූමිකාවක් ඇය අතින් සිදුවිය.







