fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා රනිල් ආණ්ඩුව පන්නතුරු  නිම නොවන “ජනතාවගේ විලාපය“ විරෝධය හෙට සිට රට පුරා ඇරඹෙයි!

බඩගින්න එක්ක ගේම් නොගහා දැන් ගෙදර පළයල්ලා... මිනිස්සුන්ගෙන් ගුටි කාල යන්න හදන්න එපා... වෘත්තීය සමිති කියයි...

සති 2ක් ago
in පුවත්
493 5
0
Share on FacebookShare on Twitter

ගෝඨා රනිල් ආණ්ඩුව ගෙදර යන තුරු අඛණ්ඩව පැවැත්වීමට සැලසුම් කර ඇති ජනතාවගේ විලාපය විරෝධතා මාලාව හෙට සවස 6 දිවයින පුරා ආරම්භ  වන බවත් ලඟම ඇති හන්දියට ගෙදර තිබෙන වළඳක් රැගෙන, හිස් තෙල් බූලිය රැගෙන   පන්දමක් රැගෙන  ලඟම ඇති හන්දියට එක්ව මේ අරගය ශක්තිමත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලන බවත්  වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒකබාද්ධ ජනතා ව්‍යාපාරය වෙනුවෙන් වසන්ත සමරසිංහ අද ඉල්ලා සිටියේය.

ආණ්ඩුවේ වැඩ පිළිවෙළ කර්මාන්ත   බිඳ දමා, ස්වයං රැකියා කරන මිනිස්සුන්ගේ රැකියා අහිමි කර, පාසල් වසා,  රජයේ කාර්යාලවලට නිවාඩු දී  රටම වැඩ වර්ජනයකට තල්ලු කර ඇති බැවින් අමුතු වැඩ වර්ජන ඉතිරි වී නැති බව කී වසන්ත සමරසිංහ හෙටින් අරඹන විරෝධය ගෝඨා රනිල් ආණඩුව පළවා හරින තුරු අඛණ්ඩව පවත්වන බව කීවේය.

“අද මුලු රටක මිනිස්සු බලන් ඉන්නවා රටේ ආණ්ඩුවත් ජනාධිපති මොකක්ද කරන්නෙ කියලා. පෝලිම් අඩු කරන්න ආපු රනිල්ගෙ ගේ ඉස්සරහත් පෝලිම් ගැහිලා ඉන්නවා මිනිස්සු.

“රනිල් ඇවිත් සති දෙකකට සැරයක්    ආර්ථික අඳෝනාවක් කියනවා. රටේ ප්‍රශ්න එතනමයි.  රටම මහා අර්බුදයක. ගෝඨාට රනිල්ට තවත් කොහොමද කියන්න  ඕන යන්න කියලා. දැන් එළවන්න ලෑස්ති වෙන්නෙ. දැන් පල කියලා කියන්න වෙන්නෙ“

අපි සියලු පුරවැසියන්ට ආරාධනා කරනවා ගමට නගරයට එකතු වෙන්න.    ජනතා විලාපය විරෝදධය රට පුරා ආරම්භ කරනවා.  ඒ විරෝධය ශක්තිමත් කරන්න. රටේ සියලු දිස්ත්‍රික්කවල  නගර වලට කුඩා නගර වලට මංසන්ධිවලට  එකතු වෙලා ගෝඨා රනිල් එලවන විලාපයේ විරෝධය ආරම්භ කරමු.

“දැන්නම් උඹලා යන්න ලෑස්තිවෙන්නම ඕන. එක් පැත්තකින්  රනිල්  මහ බැංකුව එක්ක සෙල්ලම් කරනවා. එක පැත්තකින් ගෝඨා තෙල් සංස්ථාව භාරගන්නවා. අනෙක් පැත්තෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බාර ගන්නවා.  පොහොරත් නෑ. තෙලුත් නෑ කන්නත් නෑ. ජීවත් වෙන්නත්  නෑ.

රටේ මිනිස්සුන්ගෙ බදු වලින් කකා ඉන්න මිනිස්සුන්ට මේක පහසු උනාට හම්බ කරලා කන මිනිස්සුන්ට මේක අමාරුයි. ගිය මාසසේ උද්ධමනය සියයට 42යි. ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණණ දෙපාර්තමේන්තුවෙ දත්ත අනුව  මේ මාසෙ එය  වැඩිවෙනවා සියයට හැට දක්වා. මාසෙට සියයට 45ක උද්ධමනයක්  තියන ලෝකයේ දෙවැනි රට ලංකාව. දැන් තවත් අපට මොනවද කියන්නෙ.“

ඞමේ රටේ මිනිස්සු පවු.  අඩුම ගානෙ පාරට බහින්න බැරි තරමට ඔවුන් වෙහෙසට පත් වෙලා. දරුවන්ට අධ්‍යාපනය නැතිව ඔවුන් කඩාගෙන වැටිලා. ඒ නිසා ගෝල්ෆේස් අරගලකරුවන්, ගොවිතැන අහිමි වුන ගොවියන්, කම්කරුවන්, ව්‍යාපාරිකයන්, ස්වයං රැකියා කරන අය තමන්ගෙ දරුවන්ට කෑම ටික උයලා දෙන්න බැරිවුන අම්මලා එකතුවෙලා ඉන්නවා මේ ආණ්ඩුව පෙරළන්න.“

“ජන හඩ ඇහෙන්නෙ නැතිනම් හෙට කන් දීලා අහපල්ලා ජනතාවගේ විලාපය. ගෝඨාට රනිල්ට යන්න කියන ජනතාවගේ විලාපය.“

“මේ සෙල්ලම් ඇති හොඳටම. කන්න නැතිව ඉන්න මිනිස්සු එක්ක  ගේම් ගහන්න එපා.  ජනතාවගෙ  ප්‍රශ්න විසඳන්න බැරි  පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්න මේ රටට  ඕන නෑ…

තවත් ජනතාව රවට්ටන්න එපා.   උඹල එලවන සටන අපි පටන් ගත්තා. 9 වැනිදා  වෙච්චි දේ මතක් කරගනිල්ලා.  මිනිස්සුන්ගෙන් ගුටි කාලා යන්න හදන්න එපා.“ වසන්ත සමරසිංහ කීවේය.

=

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

හරි පාරෙන් ඩොලර් එවන ශ්‍රමිකයන්ට විදුලි කාර් ආනයන බලපත්‍රයක්

Next Post

‘එයාර් ඉන්දියා’ සේවයට අලුත් යානා 200ක්

Related Posts

මෛත්‍රී සජිත් විශේෂ හමුවක්…

ජූලි 4, 2022

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

ජූලි 4, 2022

ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මෛත්‍රී සජිත් විශේෂ හමුවක්…
  • ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…
  • ඉන්ධන ගැනීම සහ බෙදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   නීතිපතිට නියෝගයක් !
  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

    172 shares
    Share 69 Tweet 43
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45

Highlights

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මෛත්‍රී සජිත් විශේෂ හමුවක්…

by editor
ජූලි 4, 2022
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ   විපක්ෂ...

ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

by editor
ජූලි 4, 2022
0

ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist