සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සියලු නිර්දේශ  ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි…. පෙත්සම් කරුවන්ට නඩු ගාස්තු ගෙන්නත් රජයට නියෝගයක්!

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2015- 2019 කාල සීමාව තුළ යහපාලන රජය සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් සියලුම නිර්දේශ අද (09)ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබුවේය.

ඒ සමගම මෙම නඩු ගොනු කළ පෙත්සම්කරුවන්ට එක් ලක්ෂ පනස් දහස බැගින් වෙන් වෙන්ව නඩු ගාස්තු ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කළේය.

එම නියෝගය නිකුත් කරනු ලැබුවේ විජිත් කේ. මළල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් උදෙසා ලබා දුන් නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් රත්නායක, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, හිටපු නාවික හමුදාපත් ට්‍රෙවිස් සින්නයියා, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ඇතුළු පාර්ශව නවයක් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

මෙම පෙත්සම් විභාගය පවත්වාගෙන යෑමට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් සිය විරෝධය ගොනු කර තිබිණි. නීතිපතිවරයා අධිකරණයට දැන්වූයේ කොමිසමෙ නිර්දේශ ගැන සොයා බැලීම සම්බන්ධව ඉදිරි පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් එම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍යතාවයක් නැති බව නීතිපතිවරයා අධිකරණයට කීවේය.

නමුත් පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළේය.

මෙම පෙත්සම්වල වග උත්තර කරුවන් ලෙස එම ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින්, එවකට අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ,  නීතිපතිවරයා ඇතුළු 90ක් නම් කර තිබිණි.

මෙම පෙත්සම් ගොනු කර තිබුණේ නීතිඥ මංජුල බාලසූරිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් මගිනි.

නීතිපතිවරයා වෙනුවෙන් එවකට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් වු වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ හෙන්රි පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්,  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අතිරේක  සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ඇතුළු පිරිසක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.






RelatedPosts

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යන්න අවසරයි… දැන් ඉතින් ගේමෙම තමයි… හරින් ඇමතිකම අත්හැර කියයි!

Next Post

එක්ස්ප්‍රස් පර්ල්, නිව් ඩයමන්ඩ් නෞකාවලින් ලැබිය යුතු වන්දියටත් වින කෙටූ ගොඩහේවා සජබෙට අරන් එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන ප්‍රශ්න කරන සජිත්ට ලැබුණු උත්තරය…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.