මනම්පිටිය නිමල් ජයරත්න –
වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවියාට වැයවන මුදලට වී කිලෝවක් සඳහා එකසිය පනහක මුදලක් ලබාදුන්නත් ප්‍රමාණවත් නොවන බව කියන සහල් නිශ්පාදකයෝ මේ මොහොතේ වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා රැකගැනීමටනම් රජයේ මැදිහත් වී සිදුකළ යුත්තේ වී ගොවියාට හෙක්ටයාරයකට රුපියල් 50,000 ක නිෂ්පාදන සහනාධාරයක් ලබාදී ඉදිරියේදී වැඩිවීමට නියමිත සහල් කිලෝවක මිල පාලනය කිරීමට කටයුතු කිරීම බව කියති.
සහල් නිෂ්පාදකයා ඉදිරියේ දී අනිවාර්යෙන් සහල් මිල වැඩි කරනු ඇති බවත්, ඒ නිසා රුපියල් දෙසිය අසූවකට හෝ තුන්සියකට සහල් මිලදී ගැනීමට සහල් පාරිභෝගිකයාට සිදුවුණ හොත් එක වේලක්වත් බත් කෑමට රටේ බොහෝ දෙනාට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති, මුදිත් පෙරේරා පැවසුවේය.

ඔහු මේ බව කීවේ අද (15 ) සවස පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මුදිත් පෙරේරා මෙසේද කීවේය.
” අසරණ ගොවියගේ වී මිල ආණ්ඩුව විසින් වැඩිකරන එකට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි ඒ වැඩි කරනවා වගේම ඉදිරියේදී දැනට හාල් කිලෝවක පවතින රුපියල් දෙසියේ මිල රුපියල් 280 ක් 300 ත් අතර මිලකට ඉහළ යාවි. ඒකෙන් අසරණ වෙන්නේ මේ රටේ දැනට වේල් තුනෙන් වේලක්, දෙවේලක් පමණක් බත් කාලා කුස පුරවා ගන්න සහල් පාරිභෝගිකයින්.”
“ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා ගොවියාට අඩුම තරමේ වී අස්වනු නෙලිමේ වියදමත් පියවා ගන්ඩ හෙක්ටයාර එකකට රුපියල් පනස්දාහක නිෂ්පාදන පිහිටාධාරයක් ලබාදෙන්න කියලා. මේ රටේ මහාපරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් වන සිරිපාල ගම්ලත්, ඩඩ්ලි සිරිසේන, මිත්‍රපාල ලංකේශ්වර වැනි මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින්, ගොවියාගෙන් කුණු කොල්ලෙට ලබාගත් වී තොග තියාගෙන ඉදිරියේදී සහල් බවට පත් කරලා අනිවාර්යෙන්ම රුපියල් දෙසියඅසුවට, තුන්සියත් අතර මිලකට දෙන්න, සූදානමින් ඉන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සභාපති හැටියට මේ මොහොතේ වී ගොවියාත්, සහල් පාරිභෝගිකයා රැකගැනීමට එකම යෝජනාව තමයි ගොවියා වෙනුවෙන් නිෂ්පාදනය පිහිටාධාරයක් ලබාදෙන එක,







