බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොයම් පැල සිටුවන යන්ත්‍රයක් ඉවතලන ද්‍රව්‍යවලින් හැදූ දිඹුලාගල අපූරු ගොවි මහත්තයා…

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

ඉවත දමන යකඩ වලින් සහ පාපැදියක කොටස්  කීපයක්  උපයෝගී කරගනිමින් ඉතා සුළු මුදලකට කිසිදු ඉන්ධන වර්ගයක් නොයොදා    ගොයම් පැළ සිටුවීමේ  යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට  පොලොන්නරුව දිඹුලාගල පහළ ඇල්ලේවැව ගොවි මහතකු සමත් වී ඇත .

ඔහු නමින් ඊ. එම්. නුවන් එදිරිමුණි වේ.

38 වියැති දෙදරු පියකු වන  එදිරිමුණි  ගොවි මහතා මේ වෙනවිට ඔහුගේ මිත්‍රයෙකු ද සමඟ එවැනි පැළ ගොයම් හිටවන  යන්ත්‍ර හතරක් නිපදවා ඇති අතර   ඔහු තම කුඹුරේ එම යන්ත්‍රය මගින්  පැළ ගොයම් සිටුවමින් සිටී.

මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාකරන එම යන්ත්‍රය මගින් දිනකට අක්කර දෙකහමාරක  පැළ ගොයම් සිටුවීමට හැකියාව පවතින අතර ඒ   සඳහා වැයවන්නේ  මිනිස් දින එකක් පමණි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

තමන් මෙම  ගොයම්  පැළ සිටුවීමේ යන්ත්‍රය, ගම්මානයේ  ඩී. එම්. ස්ටීවන් මහතාගේ යෝජනාවකට අනුව නිපද වූ බවත්, එක යන්ත්‍රයක් නිර්මාණය කර එය සාර්ථකව අත්හදා බැලීමෙන් අනතුරුව, ස්ටීවන් මහතාගේ පුතෙකු වන   චමින්ද කුමාර   සමග තවත් එවැනි ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍ර තුනක් නිර්මාණයය කළ බවත් නුවන් එදිරිමුනි ගොවි මහතා අප සමග සඳහන් කළේය.

මේ පිළිබඳ අප සමඟ අදහස් දැක්වූ ගොයම් පැළ සිටුවීමේ යන්ත්‍රය  නිර්මාණය කළ ශිල්පී  නුවන් එදිරිමුනි මෙසේ කීවේය.

;; මම මේ යන්ත්‍රය නිර්මාණය කරන්න  පාවිච්චි කළේ යකඩ බට කිහිපයක් සහ   යකඩ ප්ලේට්   කිහිපයක්   විතරයි. ඊට අමතරව පාපැදියක ප්‍රීවීල් එකයි, බයිසිකල් චේන් එකේ කොටසකුයි යොදාගත්තා. දවස් පහකින් හැදුවා.  ඊට පස්සේ මගේ  කුඹුරේ පැළ   ගොයම් ටික ගලවල ඒ යන්ත්‍රයෙන් හිටවා ගත්තා.  දවසෙන් අක්කර දෙකහමාරකම, ගොයම් පැළ හිටවා ගන්න පුළුවන් වුණා.

“මේකේ විශේෂත්වය තමයි ඉන්ධන මොනවත් යන්නෙ නෑ. ඕනම කෙනෙකුට  යන්ත්‍රය පරිහරණය කරන්න පුළුවන්. අනතුරක් නෑ. අනික තමයි වල් මර්ධනය කරන්න බෙහෙත් ගහන්න ඕනෑ නෑ.“

“ඉතින් පොඩි  මුදලකින් වාසි ගොඩක් ගොවියාට ගන්න  හැකියාව මේ යන්ත්‍රය මගින් තිබෙනවා. මගේ යාලුවා එක්ක තවත් යන්ත්‍ර තුනක් හදලා   ඇල්ලේවැව  යායේ කුඹුරු ගොඩක මේ ක්‍රමේට පැළ ගොයම හිටවා ගත්තා.“

“ඉතින් මම කැමැතියි මේ යන්ත්‍ර හදලා අපේ ගොවියන්ට බෙදලා දෙන්න. ඒකට රජයෙන් උදවු කළොත් මම ඕනෑ වෙලාවක සූදානම් මේ වගේ යන්ත්‍ර නිර්මාණය  කරල මටත් පොඩි ලාභයක් තියාගෙන රට පුරා බෙදා හරින්න.“

“දැනටත් මේ පළාතේ ගොවියන්ගෙන් ලොකු ඉල්ලුමක් මේ ගොයම්  හිටවන යන්ත්‍රයට තිබෙනවා.“

ද නුවන් එදිරිමුණි ගොවි මහතා අප සමඟ ඉතාමත් සතුටින් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැඳුම්කර නඩුවේ රවි ඇතුළු 10ක් චෝදනා 11කින් නිදහස්

Next Post

ගමේ ගොවීන් ගැන සොයන්න බුද්ධි අංශ බස්සයි!…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.