ඩොලර් මිලියන 52ක් ගෙවා ගත නොහැකිව ඉන්ධන නැව් දෙකක් වරාය පරිශ්‍රයේ නැංගුරම් ලා ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සියලුම සාම්පල් පරීක්ෂාවට ලක් කළ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් සහිත නැවක් පසුගිය 26 දා සිට දින 07ක් තිස්සේත්, ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මෙටික් ටොන් 40000ක් සහිත නැවක් පසුගිය 28 දා සිට දින 05ක් තිස්සේත් මෙසේ නැංගුරම් ලා ඇති බව ඔහු හෙළිදරවු කරයි.
ඩොලර් මිලියන 52 ගෙවලා මේ ඉන්ධන ගොඩබෑම තවත් ප්‍රමාද කළහොත් ඉන්ධන හිඟයක් රටේ ඇතිවීම වැළැක්විය නොහැකි බවද ආනන්ද පාලිත පෙන්වා දෙයි.
Discussion about this post