සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙවත්තේ එළවලු පාත්තියේ සිට අධිවේගී මාර්ගය දක්වා සියලු ව්‍යාපෘති අධීක්ෂණය නාමල්ට

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

නාමල් රාජපක්ෂ අලුතින් පත්කළ කැබිනට් අමාත්‍ය ධූරයවන සංවර්ධන සම්බන්ධීකරණ අධික්ෂණ අමාත්‍යාංශය යටතට පත් කළ  විෂය පථය වෙන් කරන ලද ගැසට් නිවේදනයට  අනුව ඔහුට අඩු ආදායම් ලාභීන්ගේ නේවාසික ඉඩම්වල එළවළු පළතුරු වගාවේ සිට මෙරට ක්‍රියාත්මකවන අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුළු  සියලු මහා පරිමාණ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා බලතල පවරා තිබේ.

නාමල් රාජපක්ෂට එම විෂය පථය යටතේ සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන් තුළ නව අවස්ථා නිර්මාණය කරමින් සක්‍රීය හා සජීවී යාන්ත්‍රණයක් හරහා නව ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට  ජනාධිපතිවරයාගේ නියෝග හා මග පෙන්වීම් යටතේ සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය හා ව්‍යාපෘති අධීක්ෂණයත් පසු විපරම් කිරීම සහ ඇගයීමේ වගකීමත්  පවරා ඇත.

එම ගැසට් නිවේදනය මගින් නව අමාත්‍යාංශය වෙත ලබා දී ඇති සුවිශේෂී ප්‍රමුඛතා අතර  දේශීය හා විදේශීය අරමුදල් මගින් ක්‍රියාත්මකවන මහනුවර අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය, වරාය පිවිසුම් මාර්ගය හා අතුරුගිරිය අධිවේගී මාර්ගය, මොරටුව දක්වා මෙරීන් ඩ්‍රයිව් ව්‍යාපෘතිය  සූර්ය බලාගාර ජලවිදුලි බලාගාර,  රටපුරා ක්‍රියාත්මක වන වාරි ව්‍යාපෘති ගණනාවක්, ජලසම්පාදන ව්‍යාපෘති ගණනාවක්,  කොළඹ හා තදාසන්න මැදි ආදායම් නිවාස පනස් දහසේ ව්‍යාපෘතිය, දිවයිනේ ප්‍රදේශ කීපයක තාක්ෂණ උද්‍යාන කීපයක් යන ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ක්‍රියාත්මක කීරීම සහ කඩිනම් කිරීම ද නාමල් රාජපක්ෂ ඇමතිවරයාට පැවරෙන ප්‍රමුඛතා වගකීමක් වේ.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා  සමෘද්ධි හා අඩු ආදායම් ලාභී නේවාසික් ස්ථානවල නිවාස හා සනීපාරක්ෂක කටයුතු, එම ඉඩම්වල කොස් දෙල් වැනි භෝග වගා කිරීමෙන් නේවාසික ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශේෂී ප්‍රමුඛතාවයකින් කටයුතු කීරීම ද අධීක්ෂණය කරනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ තුළ   රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක කරන මාර්ග පානීය ජල සම්පාදන, විදුලිය , දුරකථන, ක්‍රීඩාපිටි පාසල්, රෝහල්, වෘත්තිය අධ්‍යාපන ආයතන, නාගරික විශ්විද්‍යාල, ඉඩම් පැවරීම, බැංකු හා මූල්‍ය පහසුකම් වෙළෙඳපල, ගබඩා හා යටිතල පහසුකම් වැනි ව්‍යාපෘති අධීක්ෂණය ද ඔහු යටතේ වේ.

ගම සමග පිළිසඳර වැඩසටහන පසු විරම් කිරීමේ වගකීම ද ඔහු පවරා ඇත.

මේ සියලු වගකීම්  ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවට යටත් කර ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති-රනිල් හමුවක් අද

Next Post

ලොක්ඩවුන් නොකළ රටේ මිනිස්සු කඩ සාප්පු වහන්නෙ ආණ්ඩුව අක්‍රීය කරන්නලු!. ජොන්ස්ටන් කියයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.