දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීම සඳහා පිහිටුවා තිබූ චීන සමාගමකට අයත් මධ්‍යස්ථානයෙන් චීන ජාතිකයින් පිටව ගොස් ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් අද( 5 ) පැවසීය.
මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් බෝට්ටුවකින් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදි එම සමාගම විසින් පුනරීන් ප්‍රදේශයෙන් බඳවා ගත් දෙමළ ජාතික මුරකරුවකු පමණක් මුහුදු කූඩැල්ල්ලන් අභිජනන මධ්‍යස්ථනයේ සිටි බව පැවසීය.
මුහුදු කූඩැල්ලන් අභිජනනය කරණ මධ්‍යස්ථානයේ ටැංකි පරීක්ෂා කිරීමේදී ග්‍රෑම් 500ත් 800 ත් තරම් විශාලත්වයකට වැඩුණු මුහුදු කූඩැල්ලන් එහි සිටි බව කි මන්ත්‍රීවරයා චීන ජාතිකයින් විසින් භාවිත කරණ ලද රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ හා දේපල අතහැර ඔවුන් එම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති බවද කියා සිටියේය.
මධ්‍යස්ථානයේ මුරකරු චීන ජාතිකයින් ගිය ස්ථානයක් නොදන්නා බවත් ඔහුට මැයි මාසයේ වැටුප පවා මෙතෙක් නොලැබුණු බවත් මන්ත්‍රීවරයාට ප්‍රකාශ කොට තිබේ.