මනම්පිටිය නිමල් ජයරත්න –
අද ( 04 ) අලුයම නිවසින් එළියට බට පුද්ගලයෙකුට මිදුලේ සිටි වන අලියෙක් පහර දීම නිසා එම පුද්ගලයා මිය ගොස් තිබේ.
මෙසේ මියගොස්නි ඇත්තේ පොලොන්නරුව අරලගංවිල යාය 03 ගම්මානයේ පදිංචිව සිටි ඒ. අනුර ජයසිංහ නැමැති ගොවිතැන ජීවනෝපාය කරගත් හැටතුන් වියති දෙදරු පියෙකි..
අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල පැවසුවේ අද අළුයම ඔහු ශරීර කෘත්‍යය සඳහා නිවෙස පිටුපසට ගොස් ඇති අතර මිදුලේ සිටටි වන මේ ගොවි මහතාට පහර දී ඔහුගේ සිරුර නිවස වටා රැගෙන ගොස් ඉදිරි දොර ඉදිරිපිට දමා ගොස් ඇති ආකාරය විමර්ශනවලදී හෙළිදරව් වුන බවය.
වෙහෙරගල වනජීවී නිලධාරින්ට අලියා පලවා හැරීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද පොලිසිය පවසයි.
අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.