කීර්ති ප්‍රනාන්දු –
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ගුවන් මගින් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 18 ක් වටිනා කොකේන් මත්කුඩු තොගයක් සමග ටියුනීසියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපලේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම විදේශිකයා ළඟ තිබී අත්අඩංගුවට ගෙන ඇති මත්කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 527 කි.
කටුනායක ගුවන්තොටුපල වෙත ගුවනින් රැගෙන විත් ඇති විශාලතම මත්කුඩු තොගය මෙය ලෙස සැලකේ.
සැකකාර ටියුනීසියානු ජාතිකයා ගුවන් මගින් බ්‍රසීලය හා දෝහා කටාර් වෙත පැමිණ මෙසේ කටුනායක ගුවන්තොටුපල ඔස්සේ මෙරටට මෙම මත්කුඩු තොගය රැගෙන පැමිණ ඇති බව කටුනායක ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර විදේශිකයා සහ මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇති අතර එම කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.







