වසර 24ක් තිස්සේ පවතින ගුරු වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව ගැඹුරින් අධ්‍යයනයකොට සුබෝදිනී වාර්තාව ඉදිරිපත් වී ඇති බවත් අද සවස 05ට කැබිනට් මණ්ඩලය රැස්වෙනවිට මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් අනතුරු ව එවකට සිටි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් මේ සම්බන්ධ ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර තමා අධ්‍යාපන අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරු ව මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05කගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ද තමන්ට ලැබී ඇත්තේ එම අවසන් වාර්තාව බවද ඇමතිවරයා පැහැදිලි කළේය.
ඇමතිවරයා මෙසේද පැවසීය.
“ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක් ම දරනවා… මේක අවුරුදු 24ක් තිස්සේ අතිශය සංවේදී ගැටලුවක්. ඩී.සී පෙරේරා වාර්තාවෙන් මෙම ගැටලුව සම්බන්ධ ව හෙළි කෙරිලා තියනවා. එමෙන්ම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද මේ සම්බන්ධ ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බව සඳහන්කොට තිබෙන බව කිව යුතුයි.“
“අද කැබිනට් හමුවෙන් පස්සෙ හෙට උදෑසන (27) නැවත වතාවක් ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත යි. එබැවින් සිසු දරුවන් පීඩනයට පත් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩ ව ඉදිරියට ගෙනයන ලෙස මා ඉල්ලා සිටිනවා.