අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනිගන්නා තෙල් නැවේ අවුරුදු සියයකටවත් මකන්න බැරි අවදානමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සංගමන්කන්ද මුහුදු තීරයට නාවික සැතපුම් 38 දුරින් යාත්‍රා කරමින් සිටියදී ගින්නට හසුවූ නෞකාව මේ වනවිටත් ගිනි ගනිමින් පැවතුණද මේ වන තෙක් එහි සැලකිය යුතු තරමේ තෙල් කාන්දුවක් සිදුව නොමැති අතර යම් හෙයකින් තෙල් කාන්දුවුවහොත් එය වසර සියයකින්වත් යළි සැකසිය නොහැකි තරමේ බරපතල හානියක් සමුද්‍ර පරිසරයට සිදුවිය හැකි බවට සමුද්‍ර පරිසර විශේෂඥයෝ අනතුරු අඟවති.

ඔවුන් පවසන්නේ මෑතකදී තෙල් නැව් අනතුරක් නිසා සිදුවූ ලොකුම හානිය සිදුවූයේ මීට මාසයකට පමණ පෙර මුරුසි දිවයින ආසන්නයේ බවත් මෙම නෞකාව ඊට වඩා විශාල වන බැවින් මෙයින් සිදුවිය හැකි හානිය ඊට වඩා බොහා් සෙයින් විශාල විය හැකි බවත්ඔවුහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේ වනවිට ගින්න නිවීම සඳහා නෞකා 09ක් ඉතා වෙහෙසර උත්සාහයක නියැළෙන අතර අද රාත්‍රිෙය්දී මෙම මෙහෙයුමට තවත් නෞකාවක් එක්වනු ඇති බවත් නැවේ තෙල් කාන්දුවක් යම් හෙයකනින් ඇතිවුවහොත්එයින් අපේ සමුද්‍ර පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා එය හැකිතාක් දුරට ශ්‍රි ලංකා වෙරළින් ඈතට රැගෙන යාමට සියලු උත්සාහයන් දරන බව ත්‍රිකුණාමල වරායේ නියෝජ්‍ය නාවික නෞකාධිපති කපිතාන් ශ්‍රියන්ත අරම්පත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ක්වේට් රාජ්‍යයේ සිට ඉන්දියාවේ පරදීප් වරායට යාත්‍රා කරමින් තිබිය දී බොයිලේරුවක් පිපිරීම නිසා ගිනිගත් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාව මේ වනවිටත් ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 17 සහ බෙල් 217 හෙලිකොප්ටර් යානා දෙකක් උපයෝගී කර ගනිමින් ගුවනින් ජලය දමා මෙම නැවේ ගින්න පැතිරීම වළක්වන්නට කටයූතු යොදා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද උදෑසන වනවිට ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ සයුර සහ රණවිසි නෞකා දෙකද හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් පිටත් වූ ඩොරා යාත්‍රාවක් සහ කල්මුණේ සහ පානම නාවික හමුදා කඳවුරින් පිටත්වූ යාත්‍රා යොදාගනිමින් නාවික හමුදාව ගින්න නිවීමේ මෙහෙයුමේ නිරතව සිටී.

මීට අමතරව නාවික හමුදාවට සහාය ලබා දීම සඳහා ඉන්දියාවේ වෙරළාරක්ෂක නැව් දෙකක් සහ නිරික්ෂණ නෞකාවක් මෙම ස්ථානයට පැමිණ ගින්න නිවීමට සහය වෙමින් සිටිති.

මේ වන විට නැවේ බොරතෙල් ගබඩා තිබෙන කොටසට ගින්න පැතිරී නොමැත. ජලය ඉසිම නිසා ගිනි පැතිරීමේ වේගය තරමක් දුරට අඩාලව ඇතැයි වාර්තා වේ.

මෙම ගිනි ගත් නැවේ තිබෙන බොර තෙල් පටවා ගැනීම සඳහා පිලිපීනයේ සිට නෞකාවක් පිටත් ව තිබේ.

මෙම නැව ගිනිගන්නා අවස්ථාවේ දී එහි සිටි විසි තුන් දෙනෙකුගෙන් සමන්විත

කාර්යමණ්ඩලයෙන් විසි දෙදෙනෙකු බේරා ගන්නට නාවික හමුදාවට හැකි විය. තුවාල ලැබූ එක් පිලිපීන ජාතික නාවිකයෙක් ඊයේ (03) කල්මුනේ රෝහලට ඇතුළත් කිරීමට නාවික හමුදාව කටයුතු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20 වැනි සංශෝධනයෙන් සිදුවෙන ප්‍රධාන වෙනස්කම් මෙන්න

Next Post

තෙල් කාන්දුවක් වුණොත් පාලනය කර ගන්න කලාපීය සහය පතයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.