බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් පුපුරණවා තමයි… කතානායක පාර්ලිමේන්තුවේ දී කියයි… පාර්ලිමේන්තුවේ ඇවිලුණු ගෑස් කතාව…

by editor
නොවැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • මන්ත්‍රීවරුන්ගේ කැන්ටිමට යන්න බයයි… ඒ ලඟ ගෑස් සිලින්ඩර හයක් හතක් එක ගැන ගොඩගහලා… මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්… – චමින්ද විජේසිංහ

  • පෝලිමේ ගිහින් ගේන සිලින්ඩර ගෙදර ගියාම පුපුරයි ද කියන බයේ මිනිස්සු ඉන්නේ… පිළිගත් විද්‍යාත්මක උත්තරයක් දෙන්න…. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

  • කිසිම ගෑස් ටැංකියක් පුපුරලා නෑ… අද සවස 05 ට ගෑස් සංයුතිය ගැන විද්‍යාත්මක වාර්තාව දෙනවා – රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න.

පසුගිය දා වාර්තාවුණු කිසිම සිදුවීමක දී ගෑස් සිලින්ඩර පුපුරායෑමක් සිදුනොවුණු බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න අද (27) පාර්ලිමේන්තුවේ දී කිවේය.

ගෑස් සංයුතිය සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්නයට විද්‍යාත්මකවූ සවිස්තර පිළිතුර අද සවස ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ දීර්ඝ ප්‍රකාශය කරෙන්නේ අද පාර්ලිමේන්තුවේ දී ගෑස් පිපිරීම පිළිබඳවූ සංවාදය ඉතාම තියුණු ලෙස මතුවීමත් සමගය.

මේ ප්‍රශ්නය මුලින්ම විමසනු ලැබුවේ සමගි ජනබලවේගයෙ  පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස්  නෙල්සන් විසිනි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කිංස් නෙල්සන්  –ගරු කතා නායක තුමනි. පසුගිය සති කීපය තුළ   ගෑස් සිලින්ඩර් 06ක් පිපිරී ගියා. වැලිකන්දේ මගේ අසානයේ වයස 19ක කාන්තාව මිය ගියා ගෑස් අනතුරකින්. ඇය අයේෂා කුමාරි. අද මෙගෙ ටෙලිෆෝන්එකට ඇවිත් තියනවා කොළඹ අවන්හලක පිපිරීම වළක්වා ගන්න ගිය විදිහක්. පෝලිමේ ගිහින් අරන් එන ගෑස් ටැංකිය පුපරනවා.

කතානායක – වෙනම ප්‍රශ්නයක් අහන්න.

කිංස් නෙල්සන් –වෙනම ප්‍රශ්නයක් අහනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි… රට පුරා පුපුරණවා.

කතානායක – ගෑස් කියන්නෙ පුපුරණ ජාතියක්.

සභානායක දිනේෂ් ගුණවර්ධන – අද දින උදෙත් මේ දේ ගැන නිල ප්‍රකාශයක් නිකුත් වුනා. මේ අනතුරු ඔබ විශ්වාස කරන ආකාරයේ මිශ්‍රණයකින් සිද්ධ වෙච්චි දෙයක් නෙමෙයි.   ඒ නිසා ගරු මන්ත්‍රීතුමා දක්වන උනන්දුව මා ඇමතිතුමාට වාර්තා කරන්නම්. අපි කවුරුත් කණගාටු වෙනවා ජීවිතයකට සිද්ධවෙන හානියක් ගැන.

චමින්ද විජේසිංහ – කතානායක තුමනි.   අපට තේ එක්ක බොන්න එළියට යන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ කැන්ටින් එක ලඟ තමයි ගෑස් සිලින්ඩර් ටික තියලා තියන්නෙ. ගෑස් සිලින්ඩර් හතක් අටක් තියනවා.  සභානායක තුමා. ඔබතුමා කියන දේ වෙන්නත් ඇති. නමුත් එයින් බැහැර වෙච්චි බොහෝ දේවල් තියනවා. අපි දකිනවනෙ… ගරු කතානායක තුමනි. මේක ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්.  දේශපාලනික වාසියක් ගන්න නෙමෙයි මේ කියන්නෙ. බය නැති කරගන්න. ගෑස් එක එළියෙ තියලා ආයෙ හයිකරලා ආයෙ එළියෙ තියලා තමයි අපේ ගෙවලුත් යන්නේ. ඒ තරම් බයකින් ඉන්නෙ. ඒ බය නැති කරගන්න සාධාරණ වැඩක් කරන්න ආණ්ඩුව හැටියට.

සභානායක දිනේෂ් ගුණවර්ධන –මේ සිදුවීම් වාර්තා වුණු විගස සිට ඒ සඳහා විශේෂ මැදිහත්වීම් කරගෙන යනවා. දැනට අර්ථ නිරූපණය වූ ආකාරයට නොවෙයි මේක වෙන්නෙ කියලයි දැනට වර්තා වෙන්නෙ. ඒකයි මා කිව්වෙ. රජයෙ හදිසි අවධානය මේ වෙත යොමුවෙලා තියනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල – රක්ෂණයක් දෙනවද මේ ජීවිතය නැතිවෙන අයට…   බන්දුල ඇමතිතුමා …. රක්ෂණයක් දෙනව ද මේ ජීවිතය නැතිවෙන අයට.

බන්දුල ගුණවර්ධන – කතානායක තුමනි. මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා පැහැදිලි ප්‍රකාශයක් මේ ගරු සභාවට කරයි. ඒ නිසා නිකම් භීතියක් ඇතිකරගැනීමට අවශ්‍ය නෑ.

මා දන්න විදිහට එතුමා විශ්විද්‍යාලවල සිටින ඒ හා සම්බන්ධිත ආචාර්ය මහාචාර්යවරු සමගත් රජයේ රස පරීක්ෂක  සමගත් සාකච්ඡා කළා. ගෑස් ටැංකි පිපිරීමක් සිදුනොවන බවට එම විද්වතුන් ප්‍රකාශ කරලා තියනවා. විෂය භාර අමාත්‍යවරයා විසින් ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරයි.

ලක්ෂ්මන් කිරිඇල්ල – රක්ෂණය කියන්නෙ වැරැද්ද හොයන එක නෙමෙයි. ජීවිතේ නැතිවුනාම ගාණක් ගෙවනවා.

ශේෂා විතානගේ- ලසන්ත අලගියවන්න ඇමතිතුමා ඊයෙ මාධ්‍යවලට ඇවිත් කිව්වෙ පරීක්ෂණ දෙකක් කරලා තියනවා.. දෙකේම ගැටලුවක් නෑ කියලා. ගැටලුවක් තියනවා. කල් ඇරලා ප්‍රශ්න අත්හරින්න එපා. මේක ඉවරයක් කරන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – මේ ප්‍රශ්නය අපි  දේශපාලනීකරණය කරන්නෙ නෑ. මා ගරු සභානායකතුමාගේත් ඒ ඇමතිවරුන්ගේත් අවධානය යොමු කරන්න කැමතියි කාරණා කීපයක්.

වැලිගම කප්පරතොට නවාතැන්පලක, අලව්වෙ නිවසක, රත්නපුර බස්නැවතුම්පල අසල පෞද්ගලික ආහාර  අලෙවිසැලක, කොළඹ රීඩ් මාවතේ ජාත්‍යාන්තර ආහාර සැපයුම් සමාගකට අයත් අවන්හලක, කොට්ටාව පන්නිපිටිය විද්‍යාල හන්දියේ නිවසක, නිකවැරටියේ නිවසක, කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා කී ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දෙ නිවසක,

දැන් ගරු කතානායක තුමනි. අද වනවිට ජනතාව තුළ ඉතාම බරපතල කුතුලහලයක් විවේචනයක් බයක් අනාරක්ෂිතභාවයක් නිර්මාණය වෙලා තියනව. ඒක නෑ කියන්න බෑ. දැක්ක දැක්ක තැන ගෑස් පෝලිම් තියෙනවා. පෝලිමේ ඉඳන් ගෙදර ගෙනියන ගෑස් සිලින්ඩරේ පුපුරයිද කියන බයේ මිනිස්සු ඉන්නේ.

පාරිභෝගික අධිකාරියෙ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන ගෑස්වල බියුටේන් ප්‍රොෆේන් ප්‍රතිශයත 50ට 50 වෙනස් කළා කියලා කියනවා. මේ තත්වය තුළ පිපිරෙන්න පුලුවන් සම්භාවිතාව වැඩියි කියලා බලශක්ති විශේෂඥ නිමල් සිල්වා කියනවා. ඒ වගේම ගෑස් සමාගම් කියනවා සංයුතියේ වෙනස් වීමක් සිදුවුනෙ නෑ කියලා. ඇමතිතුමා කියනවා කිසිම ප්‍රශ්නයක් නෑ. පරීක්ෂණ පවත්වලා තියෙන්නෙ ඔක්කොම හරි කියලා.

ගරු කතානායක තුමනි. මේ අවස්ථාවෙ අවධාරණය කරන්න ඕන. මේ සම්බන්ධව ඇමතිවරයා කළ ප්‍රකාශය ගැන කිසිසේත් සෑහීමකට පත් වෙන්න බෑ.

මේක මිනිස්සුන්ගේ ජීවිත, ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්.  මා ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නය මගහැර යන උත්තර දෙන්න එපා. මේ වනතෙක් පැහැදිලි සාක්ෂි සහිත හරවත් පිළිතුරක් ලබා දෙන්න රජය අපොහොසත් වෙලා තියනවා.

ඔබ කිව්වෙ බියෙන් සැකෙන් තොර රටක් හදනවා කියලා. ඒ නිසා මිනිස්සුන්ගෙ තියන මේ බිය අනාරක්ෂිතභාවය තුරන් කරන්නට පැහැදිලි පියවරක් ගන්න.මෙතන මොනයම් හෝ ගැටලුවක් තියනවා. මොකක්ද ඇත්ත. විද්‍යාත්මක පදනමක පිහිටලා තොරතුරු දත්ත සහිත පිළිතුරක් රටේ ජනතාවට ලබා දෙන්න.

තුෂාන් ගුණවර්ධන කියන කතාව ඇත්තද, බොරුද,. ප්‍රමිති වෙනසක් සිද්ධ වෙලා තියනව ද?. එහෙනම් ඇයි. තුෂාන් ගුණවර්ධන ඇමතිවරු දෙදෙනාටම මේ ගැන ලිඛිතව   දැන්වූ අයුරු අපට ආරංචි වුණා.  ඔහු කියන කතාව ඇත්ත ද?.  මා ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ ගරු සභානායක තුමනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හෝ පත්කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කියලා.

සභානායක දිනේෂ් ගුණවර්ධන – විපක්ෂ නායක තුමා මේ ඇහුවෙ ඔහු අහන්න නියම වෙලා තිබුණු ප්‍රශ්නය නෙමෙයි. ලසන්ත ඇමතිතුමා ඇවිත් ඉන්නවා. කලිනුත් පිළිතුරක් දුන්නා ඒ ගැන පරීක්ෂණයක් කෙරෙනවා කියලා. ඇමතිතුමා පැහැදිලි කරයි මේ අහපු ගෑස් සම්බන්ධ ප්‍රශ්නයට පිළිතුර.

ලසන්ත අලගියවන්න – මා ස්තුතිවන්ත වෙනවා මට පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාවක් ලැබෙන පරිදි ඒ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම පිළිබඳව.

අප පිලිගන්නවා.. ගෑස්  අනතුරු සිද්ධ වුනා. සිද්ධ වෙනවා. මේ ගැන රජය විදිහට අමාත්‍යාංශය විදිහට පාරිභෝගික අධිකාරිය විදිහට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අරන් තියන වග ඉතාමත් වගකීමකින් යුතුව මේ අවස්ථාවේ දී සඳහන් කරන්න ඕන.

අපි ගෙන තිබෙන ක්‍රියාමාර්ගවලට අමතරව වෙනත් යෝජනා හෝ අදහස් ඇතිනම්   විපක්ෂයට හෝ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට ඒවා ඉදිරිපත් කරන්න. ඒ අදහස් යෝජනා අපි බලාපොරොත්තු වෙනවා.  . අපි සූදානම් කවුරු හෝ ඒ සම්බන්ධව දෙන අදහස් යෝජනා පිළිගන්න.

මෙවැනි මතභේදයකට ලක්වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ ලිට්‍රෝ ගෑස් සමාගම ලීටර 18ක සිලින්ඩරය. ඔවුන් එවැනි සිලින්ඩරයක් නිකුත් කළා.  පාරිභෝගික අධිකාරිය පැය 24ක් යන්න පෙර දැනුම් දුන්නා පවතින නීතියට මෙය පටහැනියි. පාරිභෝගිකයා නොමග යවනවා. ඒ නිසා වහාම ‍වෙළඳපලින් ඉවත් කරගන්න කියලා.

ඒ වෙලාවේ  ලිට්‍රෝ සමාගම කීවෙ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය තුළ තිබෙන්නෙ ප්‍රොපේන් සියට 30ක් බියුටේන් සියයට 70ක් කියලා.

ලීටර 18 කළත් මේ ගෑස් සිලින්ඩරයෙන් මුල්   ධාරිතාවට වඩා ගෑස් ධාරිතාව වැඩියි.    ප්‍රොපෙන් සියයට 50ක් හා බියුටේන් සියයට 50ක් කිරීමෙන් තාප ධාරිතාවය වැඩි කරගන්න පුලුවන් බව ඔවුන්  කීවා.

අපිට ඒ වෙලාවෙ ගෑස් පිළිබඳ ගුණාත්මක බව බලන්න පරීක්ෂණ ආයතන නෑ. මොරටුව උපකුලපතිතුමාට කතා මොරටුව විශ්විද්‍යාලයේ රසායනවිද්‍යා පරීක්ෂණාගාරයෙත්   ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙ රසායනාගාරයේත් සහාය ලබාගෙන විශ්ලේෂණයක් කළා. ඔවුන්ගේ ගණනය කිරීම්වලදි  කිව්වා කිලෝ ග්‍රෑම් 12.5 ලීටර 18 කිරීමෙන් තාප ධාරිතාවය වැඩි වෙන්නෙ නෑ. මේ සිලින්ඩරයේ සත්‍ය ලෙස තියෙන්නෙ කිලෝ ග්‍රෑම් 9.5ක ප්‍රමාණයක් පමණයි කියලා.

පාරිභෝගික අධිකරණය මේ සමාගම් දෙකට නඩු දැම්මා. අදත් මාලිගාකන්ද උසාවියෙ නඩුව ඇසනවා. ලීටර 18 ගෑස් සිලින්ඩර සම්පූර්ණයෙන් වෙළෙඳපලින් ඉවත් කරන්න පුලුවන් වුනා. දැන් තියන කිලෝග්‍රෑම් 12.5 ඇතුලු අනෙක් සිලින්ඩරවල  සංයුතිය ලෙස සටහන් කරලා තියෙන්නෙ බියුටේන් 70 ප්‍රෙපේන් 30 සංයුතිය. එහි සියයට 5ක් 5ක් අඩු වැඩි වෙන්න පුලුවන්  ගෑස් පිරවීමේ දී ටැංකියේ ඉතිරිවන ගෑස් අනුව.

මේ වනවිට මේ සමාගම් දෙකේම සාම්පල් ඛණිජතෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කළා. ඉන්ටෙක් ආයතනය පෞද්ගලික ආයතනයක්. අද වෙනකොට ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්ටෙක් ආයතනය අපේ රටේ ගෑස්වල ගුණාතමක භාවය මැනීමේ තාක්ෂණය   දියුණු කරගෙන තියනවා.

අපේ රටේ ප්‍රථම වතාවට අපේ රටේ ගෑස්වල සංයුතිය සම්බන්ධ වාර්තා  ලබා දෙනවා. අද සවස 5ට මා අදාල සියලුම රාජ්‍ය ආයතන කැඳවලා තිබෙනවා. ඒ වාර්තාව සමග එන ප්‍රතිඵලය පිළිබඳව අපි කතාකරනවා. සඳුදා වෙනවිට මේ සම්බන්ධව පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

“දැනට කියන්න තියෙන්නෙ මොනම ආකාරයකටවත් ගෑස් සිලින්ඩර පුපුරායෑමක් සිද්ධ වෙලා නෑ. කියන එක පමණයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 06කට ලංකාවේ දොරටු වැසේ!

Next Post

GMOA සභාපති කමින් පාදෙණිය එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා… හඬපටයක් බෙල්ලන ලඟ…..

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.