බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැඹුරු මුහුද මැද මත් පැන් විසවුන ඩෙවෝන් 5 යාත්‍රාවේ ධීවරයින් 06න් 05ක් මිය යයි… මුදාගත් 2න් එක් අයෙක් අද මරුට…

by editor
ජූනි 30, 2024
in පුවත්
bottle
Share on FacebookShare on Twitter

ගැඹුරු මුහුදේ පාවී පැමිණි  විදේශීය මත් පැන් බෝතලයක් පානය කළ පසු මත් පැන් විස වී ජීවිතය  බේරාගෙන ඉතිරි වී  සිටි  “ඩෙවොන් 5”  බහුදින ධීවර යාත්‍රාවේ ධීවයින්  දෙදෙනාගෙන් තවත් ධීවරයෙක් අද (30) උදෑසන මිය ගොස් ඇත.

එසේ මිය ගොස් ඇත්තේ  MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක් මඟින් අද (30) උදෑසන එම ධීවරයින් දෙදෙනා මුදවා ගැනීමෙන් අනතුරුවය.

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් එම ධීවරයින් මුදවා ගැනීමට MV KOTA CAMIL නැමැති නෞකාව යොමු කරන අතර  මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඊයේ (29) සවස   ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව පිටත් වී ගියේය.

අද උදෑසන සිංගප්පුරු නෞකාව විසින් මුදවා ගත් ධීවරයින් දෙදෙනාගෙන් අයෙක් මිය යන්නේ  වෛද්‍ය ආධාර ලබා දෙමින් විජයබාහු නෞකාව වෙත රෝගීන් භාර දීම සඳහා ඒ දෙසට එමින් සිටිය දී ය.  විජයබාහු නෞකාව මඟින් ඔවුන් දෙදෙනාව භාර ගැනීමට නියමිතව තිබිණි.

IMUL 0909 TLE දරණ “ඩෙවෝන් පුතා 05” බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 06 දෙනෙකුගේ කණ්ඩායමක් සහිතව 2024.06.04 දින තංගල්ල ධීවර වරායෙන් පිටත් වී ගොස් තිබේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එම ධීවරයින් මෙම මාරක අනතුරට ලක් වන්නේ    මුහුදේ පාවී පැමිණි බව කියන විදේශීය මත් පැන් බෝතලයක් පානය කිරිමෙන් පසු එම මත්පැන් විෂ වීමෙනි.

එම්. ජේ. නයනකාන්ත (අවු 42) නැමැති බෝට්ටුවේ ස්කිපර්වරයා  මුලින්ම මරණයට පත් විය. අනතුරුව ඊයේ රාත්‍රියවන විට තවත් තිදෙනෙක් මිය ගොස් තිබිණි. අද උදේ ද එක් ධීවරයෙක් මිය ගියේය.

ධීවර යාත්‍රාවේ   එම්.ටී. සුජිත් සංජීව (32),  පී.ඩී. ජයසූරිය (23) ටී.බී සුජිත් කුමාර (43), ආර්.බී.ජී ප්‍රදීප් නිශාන්ත (34),  ජී.එම්. අජිත් කුමාර (56), යන ධීවර කාර්මිකයින්  ගමන් කරමින් සිටියේය. මේ පිරිසෙන් දැන් ජීවතුන් අතර ඉන්නේ එක් පුද්ගලයෙක් පමණි.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365 ක් පමණ (කිලෝ මීටර් 675 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට පත් ව ඇති එම ධීවරයින් පිරිස කඩිනමින්   ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් ඊයේ එම ධීවරයින්ගේ ඥාතීන් තංගල්ල කතරගම පාර හරස් කර උද්ඝෝෂණයක යෙදුනහ. අනතුරුව පොලිසිය මැදිහත් වී   ඒ  සම්බන්ධව නාවික හමුදාව  මැදිහත් වී ඇති බව දන්වා උද්ඝෝෂකයින් පිටත් කර අරිනු ලැබුවේය.

මේ තත්ත්වය තුළ කඩිනමින් එම පිරිස වෙත  වෛද්‍ය ආධාර ලබාදී ගොඩබිමට රැගෙන ඒමට සහාය වන ලෙස, ධීවර  හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් ද නාවික හමුදා මූලස්ථානයේ  පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ දහවල් දැනුම් දීමක් සිදු කෙරිණි.

එම දැනුම්දීමට   නාවික හමුදා  කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වහාම ප්‍රතිචාර දක්වා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජල ගැලීම් නිම්න රක්ෂිතයට වැදුන නීති විරෝධී ගවගාල් හිමියන් තමගවයින් බේරගන්න රක්ෂිතයේ සිටින  දුර්ලභ කොටි 05ක් මරන්න සැලසුම් කරලා!

Next Post

2024 ලෝක කුසලානයෙන් පසු විස්සයි 20න් සමු ගන්නා විශිෂ්ටයෝ…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.