වයස අවුරුදු 18 ට වැඩි සියලුම සියලුම ගර්භනී කාන්තාවන්ට එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අද (12) සියලුම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ.
අද දින නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන කියා සිටියේ ගර්භනී කාන්තාවන්ට ගර්භණී සමයේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වය සලකා බලා එන්නත ලබා ලබා ගැනීමට අවශ්‍ය පහසුකම සලසන බවය.
සෞඛ අමාත්‍යාංශයට ප්‍රමාණවත් එන්නත් තොගයක් ලැබීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය ජනගහනය ආවරණ ප්‍රවේශයක් අනුගමනය කිරීමත් සමග මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.
ගර්භනී කාන්තාවන්ගේ දැනුවත් බවින් යුතු කැමැත්ත ඇතිව බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් එන්නත් කිරීම නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.