බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ යුද්ධය කලාපීය යුද්ධයක් නොකරන්න… හමාස්ට සහය දෙන හිස්බුල්ලා නායකයා ඇමරිකාවට අනතුරු අඟවයි…

by editor
නොවැම්බර් 4, 2023
in පුවත්
Gaza
Share on FacebookShare on Twitter

හමාස් සටන්කාමී කණ්ඩායම විසින් පුද්ගලයන් 1400ක් ඝාතනය කර 240කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගත් ඔක්තෝබර් 7 ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයට එල්ලවන ඊශ්‍රයාල ප්‍රහාර හමාස් ම්ලේච්ඡත්වය හත් අට ගුණයකින් වැඩි කර මුදා හරිමින් ඇත. මේ වනවිට ලෝකයම ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකර  දැඩි නිහඬබවකින් යුතුව බලා සිටින්නේ මේ මානුෂික ව්‍යසනය දෙසය.

ඊශ්‍රායලය ගාසා තීරය වටලා ගුවනේ සිට එල්ල කරන අමානුෂික ප්‍රහාර හමුවේ    සාගින්න, වෛද්‍ය සේවා බිඳ වැටීම සමග අසරණ ජනාවාස වෙත ඉල්ල කරන නිර්දය ප්‍රහාර හමුවේ මේ වනවිට  සිවිල් මිනිසුන් 9,000 ඉක්මවා මිය ගොස්ය. මේ මිය ගිය පිරිස් අතරින් සියයට හැත්තෑවක් කාන්තාවන් සහ නොදරුවන්ය.

මේ මොහොත වනවිට මෙම යුද්ධය කලාපීය ව්‍යසනයක් සේ ව්‍යාප්තවන ලකුණු පහළ  වී තිබේ. ඒ පිළිබඳ වූ තියුණුම අනතුරු ඇඟවිමක් ඉරානයේ පිටුබලය ලබන  ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායමේ නායක  සයීඩ් හසන් නස්රල්ලා ඊයේ (03) ඇමරිකා  එක්සත් ජනපදය වෙත කළේය. පසුගිය 07 වැනිදා මෙම යුද්ධය ආරම්භ වූ දින සිට හමාස් නායකයා කතා කළේ පළමු වරටය.

අණක් ලැබෙන තුරු සූදානම් කර ඇති යුද ටැංකි…

“ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය නතර නොකළහොත් ගැටුම කලාපීය යුද්ධයක් දක්වා පුළුල් විය හැකියි.”  ඔහු ඇමරිකාවට කීවේය. ඊශ්‍රයාල මිතුරා වූ ඇමරිකාවට ඔහු අනතුරු අඟවනු ලැබුවේ මධ්‍යධරණී මුහුදේ සූදානම් කර ඇති එක්සත් ජනපද යුද නැව්වලට මුහුණ දීමට ඉරානයේ පිටුබලය ලත් පැරාමිලිටරි කණ්ඩායම සූදානම් බව ඉඟි කරමිනි.

ගාසා තිරයේ  හමාස් සටන්කාමීන්ට සහයෝගය දක්වන දැඩි ලෙස සන්නද්ධ සටන්  සගයෙකු වන හිස්බුල්ලා 2006 දී හමාස් සංවිධානය  ඊශ්‍රායලය සමඟ යුද්ධයක නිරත වූ දා   ලෙබනනය-ඊශ්‍රායල් දේශසීමාවේ ඊශ්‍රායල හමුදා සමග දැඩිම සටනක නිරත වෙමින් සිටින්නේ මේ වකවානුවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිස්බුල්ලා නායකයා ඇමරිකාවට මෙසේ කීවේය.

“ඇමරිකානුවන් වන ඔබට ගාසා තීරයට එරෙහි ආක්‍රමණ නැවැත්විය හැකිය, මන්ද එය ඔබගේ ආක්‍රමණයක් වන බැවිනි. මම ඇමරිකානුවන් සමඟ කතා කරමි. කලාපීය යුද්ධයක් ඇතිවීම වැළැක්විය යුතු නම්  ගාසා තීරයේ ආක්‍රමණය ඉක්මනින් නැවැත්විය යුතුය.”

ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට සතුරු ටෙහෙරානයේ පිටුබලය ලත් කලාපීය සන්ධානයක ප්‍රමුඛයා   හිස්බුල්ලා සටන් කරුවන්ය. අර්බුදය පුපුරා ගිය දා සිට වොෂින්ටනය කලාපයේ එක්රැස් කර ඇති එක්සත් ජනපද නාවික  වෙඩි බලයට බිය නොවන බව හිස්බුල්ලා නායකයා අවධාරණය කළේය.

“ඇමරිකානුවන් වන ඔබ මෙය දැනගත යුතුයි.  කලාපය තුළ යුද්ධයක් ඇති වුවහොත්, ඔබේ යාත්‍රාවලින් ප්‍රයෝජනයක් නැති බවත්, ගුවනේ සිට සටන් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලබන බවත් එහි මිල ගෙවන්නේ   ඔබේ අවශ්‍යතා මත මේ වනවිට ස්ථානගත වී සිටිනා ඔබේ සොල්දාදුවන්ය. “ ඔහු වැඩිදුරටත් කීවේය.

දැනටමත් මේ යුද්ධය සඳහා පෙළ ගැසි සිටින ඉරානයේ පිටුබලය ලත් ෂියා කණ්ඩායම්  ඉරාකයේ සහ සිරියාවේ රඳවා ඇති එක්සත් ජනපද හමුදාවන්ට ප්‍රහාර එල්ල කරමින් සිටිති. යේමනයේ හූතිවරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර  දියත් කිරීමට උත්සාහ කරමින් ඇත.

කෙසේ වෙතත් ප්‍රාණ ඇපකරුවන් මුදාහරින තුරු යුද්ධයේ කිසිම විරාමයක් නැති බව ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙදන්යාහූ  කියන්නේ ලෝකයම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින පරිසරයකය.  ඔහුගේ අවසන් සිහිනයක් තිබේ. ඒ ගාසා තීරය පාලනය කරන හමාස් සටන් කරුවන් සමූල ඝාතනය කිරීමය. ඒ වෙනුවෙන් මේ වනවිට ගාසා තීරයේ නටබුන් වීදිවල සමීප සටන් කරමින් සිටින හමුදා තවත් මිනිස් බිලි කීයක් ලබා ගනු ඇතිදැයි දන්නේ දෙවියන් පමණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නේපාලයේ දැඩි  භූමි කම්පාවක්… දිල්ලියත් හෙල්ලෙයි…

Next Post

තවමත් විනාශයේ තරම නොදත් නේපාලයේ ඛේදවාචකය… දැනට මරණ 128යි… භූකම්පනයේ අපිකේන්ද්‍රය අසල ගම්මානවලට තවම ලඟා වී නෑ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.