ගාල්ලේ ඉතිහාසය ලියැවුණු රාජ්‍ය දේපල විකිණීමට එරෙහි විරෝධාතවයක් 

ගාල්ල වරාය  ගාල්ල පොලීසිය හා තැපැල් කාර්යාලය පිහිටි ඉඩම  තිස් තුන් අවුරුදු බදු පදනම යටතේ පැවරීම ඇතුළු ගාල්ලේ රාජ්‍ය දේපල විකිණීමට විරෝධය දක්වන විරෝධතාවයක්   අද පස්වරුවේ (14) ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී පැවැත්විණි

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි. ජාතික දේපල විකිණීමට එරෙහිව විරෝධතා වැකි  ලියූ සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරවෝ  විරෝධතාවයේ නිරතව සිටියහ .

ගිංතොට තුනි ලැලි සංස්ථාව,  ගාල්ල  හිල්ටොප් මන්දිරය වලහන් දූව වත්ත,
බද්දෙගම පිලගොඩ වතු යාය, රාජ්‍ය දේපොළ බේරා ගැනීම සඳහා එක් වන ලෙස මෙහිදී විරෝධතා කරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය .


මෙම විරෝධතාවය සඳහා දකුණු පළාත් සභාවේ ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ,  රත්න ගමගේ   ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version