ගාමිණී අම්බලන්ගොඩත් යන්නම ගිහින්ය.
බොහෝ කඨෝර අත්දැකීම් සහිත ජීවිතයෙන් සමුගන්නා විට ඔහු 66 වැනි විය පසුකරමින් සිටියේය.
වර්ෂ 2016 දි සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ඔහුගේ පාදයේ විළුඹින් පහළ කොටස ඉවත් කර දැමිණි. ගාමිණී සිටියේ රෝගී තත්වයෙනි. එතැන් සිට ඔහු නිර්මාණ කටයුතුවලට සහභාගී වූයේත් නැත.
එහෙත් කලා ලෝකයේ ඔහුගේ ආදරණීය සගයන් ඔහුව අත්හැරියේ නැත. එහෙත් ජීවිතයේ අවසන් වකවානුව ඔහු ගතකළේ අනේක දරිද්‍රතා මැදය.
ගාමිණි අවසන් වරට රඟපෑවේ ස්වර්ණපාලී ටෙලි නාට්‍යයේය.
ගාමිණී අම්බලන්ගොඩ කලාවට සම්බන්ධ වන්නේ සිඟාල ගෝස්තරේ වේදිකා නාට්‍යයෙනි. ඉන් අනතුරුව රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ඔහු කටයුතු කළේය. ටෙලි නාට්‍යය 25කට වඩා ඔහු රංගනයෙන් දායක වී තිබේ. අවසාන වරට ඔහු රංගනයෙන් දායක වන්නේ ස්වර්ණපාලී වේදිකා නාට්‍යයටය. බුලුගහවත්ත, තාලිංගාමඩ, නුවර පාර, ඇල්කඩුව නැමැති ලිපිනයේ ඔහු පදිංචිව සිටියේය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.