සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය නිසා ආණ්ඩුව කළු වුනා ද?.. හිතන්න දෙයක් ඉතිරි කරන පාර්ලිමේන්තු සංවාදයේ සම්පූර්ණ වාර්තාව !

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඩී.වී චානක විසින් පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේ දි මතුකරන ලදුව මහත් ආන්දෝලනයකට සහ සැකයකට තුඩු දුන් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ටෙන්ඩරයට ඊයේ පාර්ලිමේන්තුවේදී රජය පාර්ශවයෙන් පිළිතුරු ලැබුනේය.

ගල් අඟුරු ටෙන්ඩර වංචාවක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ  මුලින්ම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේ පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානකය. ඉන් අනතුරුව ඩී.වී. චානක අනුව යමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අජිත් පී. පෙරේරා සහ එස්.එම් මරික්කාර් ද  ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් සිදුවී ඇති බව කියමින් පාර්ලිමේන්තුව තුළ විශාල ආන්දෝලනයක් ඇති කළේය.

මේ අතර ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් සිදුවී ඇති බවත් ඒ   සම්බන්ධයෙන් ඕනෑම නාලිකාවක  ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසත්  ඩී.වී චානක විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අභියෝග  කරනු ඇසිනි.  ඇමතිවරයා චානකට කීවේ පුලුවන්නම් ඔය වංචා කතාව පාර්ලිමේන්තුවෙන් පිටතට ඇවිත් කියන ලෙසය. මේ කතාව සමාජ මාධ්‍ය තුළ ද මාතෘකාවක් විය.  වංචාවක් වී ඇතිනම්  අගුපිල් ගානේ විවාද  කිරීමට කතා නොකර  අධිකරණයට ගොස් නඩු පවරන ලෙස සමාජ මාධ්‍ය ග්‍රාහකයෝ චානකට කීහ.

පාර්ලිමේන්තුවෙන් පිටට පැමිණ ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඔය කී කතාව පුලුවන්නම් යළි කියන ලෙස ඇමතිවරයා   අභියෝග කළේ කුමක් නිසාදැයි ඔහු ඊයේ  (19) පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කළේය. පුරා වසර තුනක් තිස්සේ  කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඩී.වී. චානකට ද සම්බන්ධයක් ඇති රාජපක්ෂලාගේ හිතවතෙකුට කැබිනට් අනුමැතිය මත  පමණක් පදනම්ව රුසියාවෙන් ගල් අඟුරු ආනයනය සඳහා ඇනවුම් ලබා දී තිබුණු බවත්  එම ගල් අඟුරු ආනයනික සමාගම  කිසිම සුදුසුකමක් නැති සමාගමක්  බවත්  ඇමතිවරයා හෙළි කළේය.

එමෙන්ම මෙවර ටෙන්ඩරය ප්‍රදානය කෙරුණේ 2023ට පෙර ගල් අඟුරු ලබා ගත් විධිමත්  ටෙන්ඩර පටිපාටියේ සියලුම පිරිවිතරවලට යටත්ව බව කී ඇමතිවරයා කිසිම කොන්දේසියක් ලිහිල් නොකළ බවට සහතික වුනේය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ඉතිහාසයේ වැඩිම ටෙන්ඩර් කරුවන් ප්‍රමාණයක් මේ ටෙන්ඩරය සඳහා ලන්සු කැඳවූ බව පෙන්වා දුන් ඇමතිවරයා  2023 සිට මෙම ටෙන්ඩරය ලබා ගත් රාජපක්ෂලාගේ හිතවත්කම් සහිත සමාගම මෙවර එම ටෙන්ඩරය ලබා ගැනීමට  හැකි සෑම උත්සාහයක්ම  දැරුව ද  ඉදිරිපත් කළ ඉහළ මිල ගණන් හේතුවෙන් ඔවුන්   ප්‍රතික්ෂේප වූ බව ද  හෙළි කළේය.  ටෙන්ඩරය ලබා ගත් සමාගමට එරෙහිව   මේ  රාජපක්ෂලාගේ සමාගමවත් අභියාචනාවක් ඉදිරිපත් නොකළ බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.  ඇමතිවරයා කීවේ මේ මන්ත්‍රීවරයාගෙන්  ඇහෙන්නේ තමන් නියෝජනය කරන රෙජීමයේ හිතවතාට ගල් අඟුරු  ටෙන්ඩරය නොලැබීමේ වේදනාවේ කෙඳිරිය බවය.

-dvchanaka
ඩී.වී.චානක

මෙම ටෙන්ඩරය හාරහා ගෙන්වනු ලැබුවේ බාල ගල්අඟුරු නොවන බව ද  අමැතිවරයා අවධාරණය කළේය.  ගල් අඟුරු  සඳහා වූ පිරිවිතර 09න් පිරිවිතර 06ක් ප්‍රශ්න කරනු ලබන ගල් අඟුරු තොගය සපුරා ඇති බව හෙතෙම කීවේය. අසමත් වූ පිරිවිතරයන්ගෙන්    එකක් වූ කිලෝ එකක් සඳහා වූ කිලෝ කැලරි ප්‍රමාණයේ අඩුවක් පවතින බව පිළිගත්  ඇමතිවරයා     ගල් අඟුරු නිධිවලින් ලබා ගන්නා ගල් අඟුරුවල  මෙවැනි අඩු වැඩි වීම් අසාමාන්‍ය  නොවන බව පෙන්වා දුන්නේය.

2020 සිට 22 දක්වා කාලයේ දී එවැනි අවස්ථා පැමිණි බවත්   එවැනි අවස්ථාවලදී රජයට හෝ  ගල් අඟුරු සමාගමට  පාඩුවක් සිදු නොවීම සඳහා ගිවිසුමේම සඳහන් ආකාරයට ගල් අඟුරු ආනයන සමාගමෙන් දඩ මුදල් අය කර ගැනීම සිදුවන බවත් ඔහු කීවේය.

මෙවර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02කට වැඩි මුදලක් අදාල සමාගමෙන් අය කරගැනීමට කටයුතු කරන බව කී ඇමතිවරයා ඉන් අනතුරුව රටට පැමිණි ගල් අඟුරු නැව් තොග දෙකම අදාල පිරිවිතරය සපුරා ඇති ආකාරය පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව තුළ මේ දීර්ඝ සංවාදය ඇති වන්නේ ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27-2 යටතේ මෙම ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධව යළිත් ප්‍රශ්න කිරීම සමගය.

ප්‍රශ්නයේ ඇති ජාතික වැදගත්කම හේතුවෙන්ම එම පූර්ණ සංවාදය වාර්තා කිරීමට කටයුතු කරමු.

27-2 යටතේ  ගල් අඟුරු ටෙන්ඩරය ගැන  විපක්ෂ නායකවරයා  ඉදිරිපත් කළ ප්‍රශ්නය. 

අඟුරු සැපයීම සම්බන්ධයෙන් පවතින ටෙන්ඩර් ක්‍රියාවලියේ  අසාර්ථකත්වය සහ විනිවිද  භාවයෙන්  තොර ක්‍රියාවලිය පිළිබඳව අද රට පුරා මහජන අවධානයක් යොමු වෙලා තියනවා. ඒ නිසාම පහත සඳහන් ප්‍රශ්න මම අදාල අමාත්‍යවරයාට යොමු කරන්න  බලාපොරාත්තු වෙනවා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න හැටියට.

සජිත් ප්‍රේමදාස…
  1. ගල් අඟුරු සඳහා ප්‍රශ්නගත ටෙන්ඩරය කැඳවා ඇත්තේ කුමණ ආකාරයට ද? මෙම ප්‍රශ්නගත ටෙන්ඩරය තාක්ෂණික දෝෂයක් නොව රටේ බලශක්ති සුරක්ෂිතභාවය සහ මහජන මුදල් අවදානමට ලක් කළ පාලන අසාර්ථකත්වයක් බව අමාත්‍යවරයා පිළිගන්නේද? මොකද මම ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි විශේෂයෙන්ම මෙගාවොට් 900ක බලාගාරයකට දිනකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2500ක් වාර්ෂිකව මිලියන 1.5ත් 7යි ප්‍රමාණයක් යොදවනවා. මැයි මාසයේ සිට අගෝස්තු දක්වා වාරකන් සමය හේතුවෙන් ගොඩබාන්නට බැරි නිසා ප්‍රමාණවත් ගල් අඟුරු ඇනවුම් කිරීම අප්‍රේල් මාසයේ තමයි ඊලඟ වර්ෂය වෙනුවෙන් සිද්ධ වෙන්නෙ. මේ වැඩපිළිවෙළින් බැහැරව මේ ටෙන්ඩරය රජය කැඳවන්නෙ අගෝස්තු මාසයේ. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
  2. ටෙන්ඩරය සඳහා ලබා දිය යුතු කාල සීමාව දින 21ක් දක්වා අඩු කර ඇති බවට වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් ටෙන්ඩරයකට දින 42ක් ලබා දෙනවා. මේ ටෙන්ඩරය දින 21ක් දක්වා අඩු කළේ කාගේ අනුමැතියක් යටතේ ද? අනුමැතිය ලබා දුන්නා නම් ඒ පිලිබඳව වාර්තා සභාගත කළ හැකිද?
  3. මීට පෙර ගල් අඟුරු ටෙන්ඩරය සඳහා අයදුම් කිරීමට තිබිය යුතු තාක්ෂණික මූල්‍ය සුදුසුකම් කවරේ ද?
  4. මෙවර රජයම කොන්දේසි ලිහිල් කිරීමක් ඉවත් කිරීමක් සිදුකර තිබෙනවා ද?. වෙනදාට ගල් අඟුරු මිලියනයකට වඩා සපයා ඇති සැපයුම්කරුවන් ලියාපදිංචි කළත් මෙවර ඒක ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂය දක්වා අඩු කරලා තියනවා. කොහොමද එහෙම ලිහිල් කිරීමට  අනුමැතිය ලැබුණෙ. ඒ අනුමැතිය ලබා දීමට කටයුතු කරපු නිලධාරීන් කවුද?. මෙම  ටෙන්ඩරය ඉදිරිපත්වූ පසු ඉදිරිපත් වූ ලංසු සංඛ්‍යාව කොපමණ ද? ටෙන්ඩරය පිළිබඳව සම්පූර්ණ ලංසු ඇගයීම් වාර්තාව සභාගත කළ හැකි ද?
  5. රජය තෝරාගත් සැපයුම්කරුට නොරොච්චෝලේ වැනි විශාල ගල් අඟුරුබලාගාර සඳහා පෙර සැපයුම් අත්දැකීම් තිබුණේ ද? එසේ නොමැති නම් රටේ මූලික විදුලි නිශ්පාදනයේ වගකීම එවැනි නුසුදුසු සමාගමට ලබා දුන්නේ ඇයි?
  6. මීට පෙර ගල් අඟුරු ගෙන්වීමට අයදුම් කරන්න පුලුවන් කිලෝ ග්‍රෑම් එකට කිලලො කැලරි 5600 මට්ටමේ පවතින ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියනයක අධික ප්‍රමාණයක් ව්‍යාපාර කර ඇති සමාගම්වලට පමණයි. කොහොමද මේ කොන්දේසිය උල්ලංඝණය වුනේ. මෙම ටෙන්ඩරයට අනුව ගල් අඟුරුවල ශුද්ධ Net Calorific Value (NCV) අගය  කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5900 වීමට නියමිතව තිබූ බව සත්‍යයක් ද?. ලක්විජය බලාගාරයට ගෙන ආ ගල් අඟුරු එම Net Calorific Value (NCV) අගයට නොගැලපෙන බවට වාර්තා ලැබී තිබේ ද? පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර ගල්  අඟුරු බොයිලේරුවලට ඇතුළු කිරීමක් සිදුවෙලා තිබෙනව ද? . ඊට අනුමැතිය ලබා දුනනේ කවුද?. කුමණ පදනමක් හෝ නීතියක් යටතේ ද?.
  7. ගල් අඟුරු සාම්පල් ඉන්දියාවට හෝ වෙනත් රටකට පරීක්ෂාව සඳහා යවා තිබේ ද?. යවා තිබෙනවා නම් ඒ කවදා ද?. මේ පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී තිබේ ද? ලැබී ඇතිනම් ඒවා සභාගත කරන්නේ ද? නොලැබී ඇතිනම් එම වාර්තා ප්‍රමාද වීමට හේතු කවරේ ද? බාල ගල් අඟුරු හේතුවෙන් එක් බොයිලේරුවකට පැයකට ගල් අඟුරු දහනය මෙට්‍රික් ටොන් 107 සිට 120ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පිළිගන්නේ ද?. ඒ කියන්නේ බාල ගල් අඟුරු නිසා ගල් අඟුරු දහනටය අවශ්‍ය ප්‍රමාණය වැඩි වෙලා තියනවා.
  8. ඒ වැඩිවීම තුළ රටටත් රජයටත් රුපියල් බිලියන 10කට වැඩි පාඩුවක්, කෝටි 1000කට වැඩි පාඩුවක් සිදුවන බව අමාත්‍යවරයා පිලිගන්නවද?. නැතිනම් ප්‍රතික්ෂේප කරනව ද?. මෙම අතිරේක ගල් අඟුරු දහනය හේතුවෙන් වසර පුරා අවශ්‍ය ගල් අඟුරු තොග කලින් අවසන් වීමේ අවදානමක් පවතින බව අමාත්‍යවරයා පිළිගන්නේ ද?
  9. බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් බොයිලේරුවලට හානි , කාර්යක්ෂමතාවය පහළ යෑම, බලාගාර ආයු තත්ත්වය අඩුවීම පිළිබඳව යම් කිසි අවදානම් ඇගයීමක් සිදුකර තිබේ ද?. මේ ප්‍රශ්නයට අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්නයට දීර්ඝ  සහ සවිස්තරාත්මක පිළිතුරක් සපයනු ලැබුවේය.  මේ එම පිළිතුරය.

කුමාර ජයකොඩි
  1. ප්‍රශ්න අංක 01 – නැත. වර්ෂ 2025 සහ 2026 දක්වා සඳහාවන ප්‍රසම්පාදනය ලංකා ගල් අඟුරු සමාගම විසින් ලියාපදංචි, පූර්ව සුදුසුකම් සපුරාලන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ 1.3 අනුව සීමිත තරගකාරී ලංසු ක්‍රමය අනුව තොරාගත් ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම  සිදුකරන ලදී.
    ලියාපදිංචි ලංසු කරුවන් තෝරා ගනු ලැබුවේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල 3.4 ට අනුකූලව ජාත්‍යාන්තර තරගකාරී ලංසු කැඳවීම් මගිනි. මෙම ගල් අඟුරු සැපයීමේදී තාක්ෂණික දෝෂයක් හෝ මහජන මුදල් අවභාවිතයට ලක්කිරීමක් හෝ බලශක්ති සුරක්ෂිතතාවයට බාධාවක් සිදුවී නැත. එබැවින් පාලන අසාර්ථකත්වයක්  ඇති වූ බව අමාත්‍යවරයා ලෙස මා විසින් පිළිනොගනී.

මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු ලංසුකරුවෙකුගෙන් අභියාචනා ඉදිරිපත් වී නැත.

  1. ප්‍රශ්න අංක 2 – අදාල අනුමැතීන් සභාගත කළ හැකිය.  ප්‍රසම්පාදනය සඳහා වූ කාල සීමාව දින 21 දක්වා අඩු කළ බව පිළිගනී.  එය සිදුකරන ලද්දේ ජාතික ප්‍රසම්පාදන කොමිසමේ නිර්දේශ මත ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා දීමෙන් පසුවය. ඊට අදාල ජාතික ප්‍රසම්පාදන කොමිසමේ කැමැත්ත දක්වන ලිපිය ද ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ ලේඛණ ද මේ සමග සභාගත කරමි.
    තවද ලංසුකරුවන්ගෙන් ලැබුණ ඉල්ලීම් සලකා බලා තවත් දින 07කින් කාල සීමාව දීර්ඝ කර ඇති අතර ඒ අනුව සම්පූර්ණයෙන් දින 28ක කාල සීමාවක් ලංසු ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇත.
  2. ප්‍රශ්න අංක 3 -ඇත්තටම ගරු කතා නායක තුමනි. 2023 සිට මෙම ටෙන්ඩරය දක්වා කිසිදු වලංගු ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකර තමයි ඉතාම වංචාකාරී ලෙස පසුගිය ආණ්ඩුව විසින් දූෂිත කැබිනට් අනුමැති හරහා කිසිදු සුදුසුකමක් නැති එකම එක සැපයුම්කරුවෙකුට දීලා තියනවා.ඒ  රුසියාව හරහා නීති විරොධී ලෙස ගල් අඟුරු සැපයීමට.

ඒවා ගැන මම හිතන්නෙ මේ පාර්ලිමේන්තුවෙ කතා කළා ද කියලා සැක සහිතයි. මොකද මේක මූලිකවම ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවෙ  නෑ. එතුමා ලඟ සම්බන්ධකමක් තිබෙන පසුගිය රෙජීමයේ ඥාති සම්බන්ධකම් තිබෙන කොම්පැණියක් තමයි කලින් සැපයීම් කළේ. ඒ කැබිනට් අනුමැතිවලින්.  ටෙන්ඩරයක් කෝල් කළාම ටෙන්ඩර් එකේ ප්‍රයිස් බලලා ඒකට කවුන්ටර්  ප්‍රයිස් එකක් පොඩි ගානක් අඩු කරලා දීලා කැබිනට් පේපර් එකකින් තමයි ඒ ගොල්ල  බඩු සපයලා තියෙන්නේ. ඒ ගොල්ල වෙන කොහේවත් රටකට බඩු සපයලත් නෑ. කිසිම  මූලික සුදුසුකමක් තිබිලත් නෑ. වෙන සමාගමක මූල්‍ය සුදුසුකම් සැපයීම් සුදුසුකම්  පෙන්නලා තමයි කැබිනට් එකට ඒ ගොල්ල සැපයීම කරලා තියෙන්නේ.

මම හිතනවා මේවා මීට ගොඩක් කලින් අහන්න ඕන ප්‍රශ්න කියලා.

  1. මීට පෙර අවසානයට කැඳවන ලද ගල් අඟුරු ප්‍රසම්පාදනයට අයදුම් කිරීම සඳහා තාක්ෂණික සුදුසුකම වූයේ මේ ප්‍රසම්පාදනයේ සලකා බලන තාක්ෂණික සුදුසුකම්මය. ඒවා නම් තාක්ෂණික සුදුසුකම් සහ දල කැලරි අගය ය. දල කැල කැලරි අගය පසුගිය මාස 36 තුළ කිලෝ ග්‍රෑමයට කිලෝ කැලරි 5900 ක් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සමග සම්පූර්ණ කර මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක අත් දැකීම් ලබා තිබිය යුතුය. එය ඇමුනුමක් ලෙස  මේ සමග සභාගත කරමි.

එනම් 2023 ට කලින් තිබුණු එකම තමයි මේ 2025 ටෙන්ඩරයටත් සම්බන්ධ වුනේ. කිසිම දෙයක් සංශෝධනය කරලා තිබුණෙ නෑ. ඒ වගේම විපක්ෂ නායක තුමාට කියන්න කැමතියි Net Calorific Value (NCV) එක නෙමෙයි මේ ප්‍රසම්පාදනවලදි සලකා බැලුවේ.  Gloss Calorific Value එක.

  1. අංක 05 පිළිතුර- ඔව්. වැඩිමනත් වශයෙන් පිළිතුර 1 හි සහ 03 සඳහන් පරිදි ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සැපයීමට සුදුසුකම් ඇති සැපයුම්කරුවන් පමණක් ලියාපදිංචි කරගෙන තිබේ. ඒ නිසා මෙම සැපයුම්කරුවන්ට සැපයුම් අත් දැකීම් අති බව ලියාපදිංචියේ දී ඉදිරිපත් කරන ලේඛන පදනම් කරගෙන සඳහන් කළ හැකිය. මේ සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ කිසිදු විදුලි නිශ්පාදනයක් සිදුකරනු නොලබයි.  නොරොච්චෝලේ  ගල් අඟුරු බලාගාරයට 2026 අප්‍රේල් දක්වා ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක් සැපයීමට පමණක් ගිවිසුම්ගත වී ඇත.
  2. ප්‍රශ්න අංක 06- Net Calorific Value අගය 5900ක් විය යුතු බව කීම සත්‍ය නොවේ. සාමාන්‍යයෙන් අනිකුත් පිරිවිතරයන් අතර ගල් අඟුරුවල දල කැලරි අගය හෙවත් Gloss Calorific Value අගය සාමාන්‍යයෙන් 5900ක් සහ 6150ක් අතර හෝ ඊට ඉහළ අගයක් ඇති ගල් අඟුරු සැපයුම්කරුවන් විසින් සැපයිය යුතුය. යම් හෙයකින් එම පිරිවිතර අගයන් අපගමනය වුවහොත් දඩ මුදල් අය කරගැනීම සිදුකරනු ලබයි. ප්‍රසම්පාදනයට අදාල ගිවිසුම අනුව පැටවුම් වරාය පරීකෂණ වාර්තාව පරිදි පිරිවිතරයන්ට අනුකූලව ගල් අඟුරු ලැබී ඇත. ගොඩබෑම් වරායේ පරීක්ෂණ වාර්තා අනුව පළමු නැව් තොගය Gloss Calorific Value අගය 5520කි. ස්වාධීන තත්ත්ව පරීක්ෂණ වාර්තාව සභාගත කළ හැකිය. මෙම ගල් අඟුරු සැපයීමේ ගිවිසුම 5.6 වගන්තියට අනුව දඩ මුදල් දෙගුණයකින් අය කරනු ලබයි. ඒ නිසා ඇමරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් අය කරගනු ලබයි.

හරියටම ගත්තොත් දඩ මුදල අය කරගන්න වෙනවා ඩොලර් මිලියන 2 යි හැත්තෑ නව දහස් හත්සිය හතලිස් නවයයි ශත අනූ තුනක්. අපි සියයට 80ක් ගෙව්වට සියයට 20ක් ඉතිරි තියනවා. අපි ලඟ තව රඳවාගෙන  තියනවා තොගයට අදාලව සියයට 10ක කාර්ය සාධන ඇපකරයක්. ඒ නිසා මේක මුදල අය කරගැනීමේ කිසිම අපහසුවක් නෑ. ඒ සම්බන්ධව නීතිමය හැකියාවක් තියනවා.

දෙවන නැව්තොගයේ වාර්තාවත් ලැබිලා තියනවා. ඒ තොගයේ වාර්තාවේ  Gloss Calorific Value එක 6017ක්.  ඒ නිසා දෙවැනි නැව් තොගය අදාල පිරිවිතර පරාසයන් තුළ ඇත. දැන් තුන් වෙනි නැවු තොගයත් බානවා. ඇවිත් තියනවා.

පැටවුම් වරායේ වාර්තා මත ගල් අගුරු බොයිලේරුවලට දමා ඇත. එම ගල් අඟුරු බොයිලේරුවලට දමන ලද්දේ පැටවුම් වරායේ වාර්තා අනුව බොයිලේරුවට දැමීමේ අවදානමක් නොමැති නිසාය. පැටවුම් වරායේ වාර්තාවේ බලාගාරයේ පිරිවිතරයන්ට අනුකූලව ගල් අඟුරු ඇතිනම් පමණක් භාර ගනු ලබයි. ප්‍රතික්ෂේපි අගයන් ඉක්මවයි නම් එම ගල් අඟුරු තොගය භාර නොගනී. එය ගිවිසුමේ පැහැදිලිව සහඳහන් කර ඇත. එහි නීතිමය පදනම වන්නේ පැටවුම් වරායේ වාර්තාව අනුව ගොඩබාන ගල් අඟුරු බලාගාරයේ අවශ්‍යතාවය මත දහනය කළ හැකි වීමය.

  1. ප්‍රශ්න අංක7ට අදාල පිළිතුර –  වෙනත් රටකට යවා නැත. ඉන්දියාවට පමණක් යවා ඇත. ජාත්‍යාන්ත ප්‍රමිති සහතිකය සහිත ගල් අඟුරු පරීක්ෂණ රසායනාගාරයක් ලංකාවේ නැත. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මා විසින් මැදිහත් වී සිදුකරනු ලබයි.  මේ වසර තුළ අයි.ටී.අයි ආයතනය සමග සාකච්ඡා කර මේ වසර තුළ එම රසායනාගාරය ඇති කිරීමට බලාපොරොත්තු වේ.  එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට මෙවර ගල් අඟුරු සාම්පල් නිවැරදි ලෙස මුද්‍රා තබා ට්‍රැක් කර ඉන්දියාවේ රසායනාගාරය වෙත  යවා ඇත. එමනිසා ලක් විජය බලාගාරය විසින් කැඳවන ලද ලංකා ගල් අඟුරු සමාගමද මැදිහත් වූ ප්‍රසම්පාදන කටයුත්තක් මගින් තෝරාගෙන ඇති ජාත්‍යාන්තර සමාගමවන කොටෙක්නා ඉන්ස්පෙක්ෂන් ඉන්දියා නැමැති සාම්පල් පරීක්ෂා කරන ස්වාධීන තත්ත්ව පරීක්ෂණ ආයතනයට 2026.01.06 සහ 2026.1.13 දිනවල යවා ඇත. එම වාර්තාවදෙකම  ඊයේ දිනයේ (19) අප වෙත ලැබී තිබේ. එම වාර්තාව සභාගත කරනු ලැබේ. වාර්තා ලබා දීමට ප්‍රමාද වූ අවස්ථාවල දඩ මුදල් අයකිරීමක් සහ අකුසලතා ලකුණු කිරීමක් සිදුකරනු ලබයි. මින් පෙර ද මෙම සේවාව ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ඉන්දියාවේ වෙනත් සමාගම්වලින් ලබාගෙන ඇත.

මේක කියන්න  ඕන. මේ ගල් අඟුරු දකුණු අප්‍රිකාවෙ  නිධිවලින් ගන්නේ. 2021, 22 අවුරුදුවල ගත්තත් වෙනස්කම් වෙලා තියනවා. ඒ වෙනස්කම්වලට දඩ මුදල් අය කරලා තියනවා. ඒ විස්තරත් සභාගත කරන්න පුලුවන්. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක අලුත් දෙයක් විදිහට පෙන්වන්න හැදුවට මේ වගේ සැපයුම්වලදි සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. ඒ නිසා තමයි ගිවිසුමට කිලෝ කැලරි ශක්තිය අඩු වැඩි වීම සඳහා වෙනම නිර්දේශ තියනවා දඩ මුදල් අය කරගැනීම සම්බන්ධව. මේක ලෝකයේම සම්මත දේවල්.

මේ විදිහට තියෙද්දි අපි මේවා මතුපිටින් අරගෙන කතා කරලා වැඩක් නෑ. කිසිම මූල්‍යමය පාඩුවක්  රටට හෝ ආයතනයට නොවෙන්න කටයුතු කරන්න අවස්ථාව අපට තියනවා.

  1. ප්‍රශ්න අංක 08 – නැත. ප්‍රතික්ෂේප කරනු ලබයි. බලාගාරයේ අවශ්‍යතාවයට අනුකූලව ගල් අඟුරු පැටවුම් වරායේ නිර්දේශය ලබාගෙන ඇති නිසා බාල ගල්අඟුරු ලෙස නාමකරණය කිරීම නිවැරදි නොවේ. ගල් අඟුරුවල ගුණාත්මකභාවය මනින පරාමිතීන් 12ක්  ඇත. පළමු නැවු තොගයේ  ප්‍රතික්ෂේපිත මට්ටමේ ඇත්තේ පරාමිතීන් 09න්  03ක් පමණි. එමනිසා එය බාල ගල් අඟුරු ලෙස සැලකීම නිවැරදි නොවේ.  දෙවන ගල් අඟුරු නැවු තොගයේ අදාල පරාමිතීන් සියල්ල සපුරා ඇත. මේ ගල් අඟුරු තොගය භාවිතා කර විදුලිය නිපදවීමෙන් කිසිම ආර්ථික පාඩුවක් ඇතිවිය  නොහැක.
  2. ප්‍රශ්න අංක 09 – නැත. එක් ගල් අඟුරු තොගයක් වසරක කාලයක් සඳහා කරන පුරෝකථනයන් නිවැරදි නොවේ. බොයිලේරුවට බලපෑමක් හෝ ආයු කාලය අඩුවීමක් සැලකීමට හේතුවක් නොවේ. ගල් අඟුරු තොග කලින් අවසන් වීමේ අවදානමක් ද නොමැත. පෙබරවාරි මස අග වනතුරු ගිය වසරේ දෙසැම්බර් මස ආනයනය කළ ගල් අඟුරු තොග තිබේ. ජූනි මාසය පහුවෙනකම් තොගවල කිසිම අවදානමක් නෑ. සැපයීම තිබෙන්නේ අප්‍රේල්වලට. දැනට තියනවා මෙට්‍රික් ටොන් හාරලක්ෂ පනස් දහසක් තියනවා ගබඩාවල. තව ලක්ෂ 13.8ක් ලැබීමට පවතිනවා.

මේ ගැන අධ්‍යයනය කරලා මේ සම්බන්ධව සාධනීය විවේචනයක් කරනවා නම් බොහොම වැදගත් ලෙස සලකනවා. මේවා අලුත් දේවල් නෙමෙයි. හැබැයි ගොඩාක් අයට රිදිලා. අපේ මන්ත්‍රී තුමෙක් බොහොම දැඟලුවා. මොකද ඒ අයට රිදිලා තියනවා. මොකද ඒ  අයගේ සප්ලයර් ලොස්ට්.  ඒ අයගේ සප්ලයර්ට ගන්න බැරි වුනා. රුසියාවෙ  ගල් අඟුරුවල ගාන මේ සැරේ ටෙන්ඩර් එකේ දි වැඩි වුනා. ලොකු දේවල් කළා ටෙන්ඩර් නැතිව එන්න. කැබිනට් පේපර් හදලා එව්වා අපට එවන්න. එයාව අනුමත කරන්න කිව්වා. එයාගෙ කාලය වැඩි කරන්න කිව්වා. කාලයත් හරි ගියාම එයා ලොස් වුනා මේකේ මුදලත් එක්ක. හරියට තරගකාරී ලන්සු කැඳෙව්වේ.  අපි කිසිම දේශපාලන ඇඟිල ගැසීමක් හෝ රජය විදිහට කිසිවක් කළේ නෑ. ඔය කිසිම සැපයුම් කරුවෙක් මම දැකලත් නෑ. හම්බවෙලත් නෑ. කැබිනට් අනුමත කරලා සුදුසුකම් හදලා දුන්නෙත් නෑ. ඒවට රිදිච්ච කට්ටිය එක්ක විපක්ෂ නායක තුමා එක පෙළට හිටගන්න කොට පොඩ්ඩක් විපක්ෂ නායක තුමා පරිස්සම් වෙන්න. මොදක ඒ ගොල්ල එතන නෙමෙයි ඉන්නේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය අත්තනෝමතිකයි… විකිරණශිල්පීහු රෝහල් 140ක් තුළ සංකේත වර්ජනයක් අරඹති!

Next Post

යාපනය මහාධිකරණයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කරයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.