fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්කිස්සෙ උසාවියෙ වෙඩි තිබ්බෙ හරක්කටාගේ කුලී වෙඩික්කරුවෙක් !

විමර්ශන අංශ තොරතුරු හෙළිකරගනී....

1 සතියක් ago
in පුවත්
492 5
0
Share on FacebookShare on Twitter

ගල්කිස්ස උසාවියේ  විත්ති කූඩුවේ සිටි චූදිතයෙකුට අධිකරණ භූමියේ දී වෙඩි තබා පලා යන්නේ දැනට ඩුබායිහි සැඟවී සිටින නදුන් චින්තක නොහොත් හරක්කටා නැමැති පාතාල අපරාධකරුගේ ගෝලයෙක් බව මේ වනවිට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබේ.

ඉලක්ක වූ පුද්ගලයා හරක්කටා සමග එකට මත්කුඩු ජාලයේ රැඳී සිටිමින් විශේෂ කාර්ය බලකායට ඔත්තු සපයා ඔහුගේ මත්කුඩු හසුකරදීමේ සිද්ධියක් හරක්කටා විසින් හෙළි කරගෙන තිබේ.

ඒ සමගම මෙම පුද්ගලයා ඝාතනයට අවස්ථා ගණනාවක දී හරක්කටා   සිය වෙඩික්කරුවන් යොදවා තිබේ.  එබැවින් ඔහු සැඟවී සිට ඇත.

එහෙත් වර්ෂ 2017 සිට මේ පුද්ගලයාට එරෙහිව නඩුවක් ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් තිබේ. ඒ රුපියල් 48500ක මුදල් වංචාවක් සම්බන්ධයෙනි.

රණවිරු සේවා අධිකාරිය මගින් පැවැත්වූ ලොතරැයි දිනුම් ඇදීමකින් ත්‍රිරෝද රථයක් දිනා ඇති බවකියා එම මුදල වංචා කළ බවට වැල්ලවත්ත පොලිසිය මගින් එම නඩුව ගොනු කර තිබිණි.   මෙම නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඉදිරියේ විභාගයට ගැනුනේය.

එම නඩුවට පෙනී සිටීමට සැඟවී සිට පැමිණෙන මෙම තැනැත්තාට සිය ඔත්තු කරුවෙක් සේ සලකා නිල නොවන මට්ටමින් විශේෂ ආරක්ෂාවක් සැපයීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබිණි.

මෙම තැනැත්තා උසාවිය තුළට ගිය අවස්ථාවේ දී ආයුධ සහිතව උසාවි භූමියට ඇතුළු විය නොහැකි නිසා විශේෂ කාර්ය  බලකායේ පිරිස උසාවි භූමියෙන් පිටත රැඳී සිට ඇත.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන උසාවිය තුළ දී ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට ඝාතකයෙක් යෙදවීමට  හරක්කටා විසින් කටයුතු කර ඇතැයි වාර්තාවේ.

අද දහවල් 1.45ට පමණ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේ දී  අධිකරණ ශාලාව මැදට පැමිණ  සිදුකළ මෙම වෙඩි තැබීමෙන්  ඉලක්කගත පුද්ගලයාගේ හිසට ඉහළින් උණ්ඩය ගමන් කර බිත්තියේ වැදී ඇත. මේ අවස්ථාවේ දී විත්ති කූඩුවේ පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇත.

මෙම වෙඩි තැබීමෙ ඉලක්කය යළිත් වැරදී ගිය අතර ඝාතකයා පලා ගියේය. එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාවටත් උසාවි භූමියේ ආරක්ෂාවටත් පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසක් අධිකරණ භූමියේ සිට ඇත.

වෙඩි තබා  පලා යනවිට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට ද වෙඩික්කරුවා  වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

උසාවියේ කටයුතු සුළු වෙලාවකට නැවතී තිබිණි.   සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වෙඩි තැබීමේ සිද්ධිය දෙරණ රූපවාහිනිය වාර්තා කළ ආකාරය –

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පොලිස් නියෝගයට අනුව හෙට අරගල භූමියෙන් ඉවත් වෙන්නෙ නෑ – අරගලකරුවෝ කියති!

Next Post

කොටිකාවත්ත පොහොට්ටු මන්ත්‍රී ඝාතන කොන්ත්‍රාත්තුව ගැන තොරතුරු හෙළි වේ!

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist