ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් කොවිඩ් මර්දන රාජකාරි සඳහා සේවකයන් අනුයුක්ත කරන බව පෙන්වා අවන්හලක සේවය සඳහා යවන බවට අනාවරණය වී තිබේ.
පෞද්ගලික රූපවාහිනී නාළිකාවක ගවේෂණ මාධ්‍යවේදියකු විසින් මේ තොරතුරු රූප රාමු සහිතව හෙළිකරගෙන ඇත.
කොවිඩ් මර්දන රාජකාරි සඳහා සෞඛ්‍ය සේවකයන් බැහැර යවන ලොග් සටහන් පොත්වල සඳහන් කර ඇත්තේ මොවුන් රාජකාරි කටයුතු සඳහා බැහැර ගිය බවට ය.
ඔවුන් මෙලෙස ගම්පහ ඒකල පිහිටි අවන්හලක අලුත්වැඩියා කටයුතු සඳහා දින ගණනක් තිස්සේ යොදවා ඇත්තේ තර්ජනාත්මක ලෙස සෞඛ්‍ය සේවකයන්ට තරවටු කර බවට ද වාර්තා වේ.
මෙම අවන්හල ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයාට හෝ ඔහුගේ සමීපතමයකුට අයත් අවන්හලක් බව ද පැවසේ.
ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිල රථයක් ද මෙහි වරින් වර විවිධ කටයුතු සඳහා පැමිණෙන බවට ද පෙනී ගොස් තිබේ.