ගම්පහ මාකවිට සියඹලාපිටිය ප්රදේශයේදී අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඩුබායිහි සිට පසුගිය වකවානුවේ ඝාතන කීපයක් මෙහෙයවූ කෙහෙල්බද්දර පද්මෙ නැමැත්තාගේ ගෝලයෙක් බව සැලකෙන දිමුතු නැමැති පුද්ගලයාට මෙම වෙඩි ප්රහාරය එල්ල වී ඇතැයි විමර්ශන අංශ කියයි.
මෙම වෙඩි තැබීම පසුපස මාකිලංගමු සංජීව නැමැති අපරාධකරුගේ සම්බන්ධයක් ඇති බව පොලිසිය සැක කරයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.







