බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පලින් අල්ලපු කොස්තාපල් කුඩ්ඩා කෝටි හතරක මත් කුඩු උස්සලා තියෙන්නේ පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන්!

by editor
අගෝස්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කඩා එහි තිබූ හෙරෝයින් මත්කුඩු පාර්සලයක් සොරකම් කර ඇති බවට ලද තොරතුරක් මත පානදුර දකුණ පොලිසිය අද  (25) පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රුපියල් කෝටි හතරක් පමණ වටිනා බව පැවසෙන   හෙරොයින් මත්කුඩු තොගයක් සමග ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් හිටපු  පොලිස් කොස්තාපල් වරයකු එම මත්කුඩු  පානදුර මහේස්ත්‍රාතා අධිකරණයේ නඩු බඩු ගබඩාවෙන් සොරකම් කළ  ඒවා බවට ලබාදුන් ප්‍රකාශකයක් හේතුවෙන් මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පිරිසක් මේ සඳහා සහභාගීවී සිටී අයුරු දැකගත හැකිවිය.

අධිකරණ ගබඩාව තුළ තිබූ මත්කුඩු පාර්සලයක් අස්ථානගතව ඇති බවත්,  ඒ වෙනුවට පිටි වර්ගයක් හෝ ඊට සමාන කුඩු වර්ගයක් අඩංගු පාර්සලයක් තබා ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණ වලදී නිරීක්ෂණය වී ඇතැයිද පැවසේ.

තවද පොලිස් පරීක්ෂාවේදී ඇඟිලි සටහන් කිහිපයක්  නිරීක්ෂණය කර තවත් විද්‍යාත්මක සාක්කි රැසක් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බවද සදහන් වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය 19 දා  හෝ ඊට ආසන්න දිනක රාත්‍රි නඩු භාණ්ඩ ගබඩාවේ වහලයේ ඇස්බැස්ටෝස් තහඩුව ගලවා සිවිලිමද කුඩාවට සිදුරු කර ගබඩාවට ඇතුළුව ඇති බවටද පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන ඇති බවද සඳහන් වේ.

මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති හිටපු  පොලිස් කොස්තාපල්වරයා පානදුර පොලිස් කොට්ඨාසය යටතේ මොරොන්තුඩුව පොලිස් ස්ථානය යටතේ පානදුර උසාවි රාජකාරි කරමින් සිට ඇති අයෙකු බවත් එවකට  මත්කුඩුවලට ඇබ්බැහිව සිට ඇති බවට ලද තොරතුරක් මත ගම්පහ පොලිස් කොට්ඨාසයට මාරුවීමක් ලබාදී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි රාජකාරි කරන අතරතුර එහි උසාවි කටයුතු භාරව රාජකාරි කරන පොලිස් සැරයන් වරයෙකුගේ ලොකරයක් ගැලවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පොලිස් සේවයෙන් පහකර ඇති අයෙකු බවද  පොලිසිය පවසයි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ    උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ලගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් විජේතුංගගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොඩි ළමයි වගේ… බොරු කියා තමන්ව අන්දන්න ගිය බව කියමින් පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පීඨාධිපති මහා ශිෂ්‍ය සංගම් සභාපතිට එරෙහිව පොලිසි යයි…

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් විරසේකරට උතුරේ නීතිඥවරු අධිකරණ ඉදිරිපිට විරෝධයක…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.