සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගනුදෙනුවලට ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියලට ඉඩ දෙන නව බැංකු හවුල!

by Lanka Sara Editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඉන්දීය රුපියල්වලින්(INR) ගනුදෙනු කිරීම සඳහා ලංකා බැංකුව විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය  පසුගියදා  ප්‍රකාශ කළේය. වොස්ට්‍රෝ ගිණුම විවෘත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් සමඟ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ සාකච්ඡාවක්ද පවත්වා ඇත. මෙම තොරතුර අනාවරණය කිරීමත් සමගම විශේෂයෙන් ව්‍යාපාරික සමාජය විශාල පිබිදීමක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් මෙරට ඉංග්‍රීසියෙන් පළවන ව්‍යාපාරික පුවත් සේවාවන් මෙම ප්‍රවෘත්තියට විශාල වටිනාකමක් ලබාදෙමින් වාර්තා කර තිබෙනු දැකගත හැකි විය.

ඇත්තෙන්ම මෙම ප්‍රවෘත්තියේ පදනම කුමක්ද? ඉන්දීය රුපියල්වලින්(INR) ගනුදෙනු කිරීම හෝ වොස්ට්‍රෝ ගිණුම් හෝ යනු මොනවාද? දේශීය ජනමාධ්‍ය වාර්තා වලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඉන්දියාව ඇතුළු සාර්ක් කලාපයේ වෙළෙඳ හා සංචාරක කටයුතු සඳහා පහසුකම් සැලසීමට සහ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව RBI වෙතින් මෙම ඉල්ලීම කර ඇත. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ඉල්ලීම පිළිබඳව රටට ප්‍රකාශයට පත්කරන මොහොත වන විටත්, එම ඉල්ලීමට ඉන්දියාව ලබාදී ඇති ප්‍රතිචාරය ඉන්දීය ජනමාධ්‍ය විසින් හෙළිකර තිබිණි. එම වාර්තාවන්ට අනුව අන්තර්ජාතික වෙළඳාම සඳහා ඉන්දියානු රුපියල (INR) භාවිත කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇත. විශේෂයෙන්ම ඩොලර් හිඟ රටවලට සහාය ලබාදීම සඳහා ඉන්දියානු රුපියල වෙළඳ ගනුදෙනු පියවීමේ යාන්ත්‍රණය ලෙස භාවිත කිරීමට අවස්ථාව ලබාදීමට සුදානම් බව ඉන්දීය රජය ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම එකඟතාව පළවී තිබේ.

කෙසේ හෝ වේවා දෙපාර්ශ්වයේ ප්‍රකාශ පිළිබ ඳව තරමක වෙනස් වාර්තාකරණයක් දැකගත හැකිවුවත් එහි පවතින්නේ එකම ප්‍රවෘත්තියකි. එනම්, ඩොලරය වෙනුවට අන්තර්ජාතික වෙළඳ කටයුතුවලදී ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්දීය රුපියල භාවිත කිරීමේ අවස්ථාව උදාවී ඇති බවයි. ඒ අනුව මෙම අවසරයේ මූලික අදියරේදී, ශ්‍රී ලාංකිකයන්ට දැන් ඇමරිකානු ඩොලර් 10,000 ක් වටිනා ඉන්දියානු රුපියල් භෞතික ස්වරූපයෙන් සිය සන්තකයේ තබා ගත හැකිය. සන්තකයේ තබාගැනීම නොව, මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉන්දියානු රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකිවීමයි. මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ බැංකුවක ‘වොස්ට්‍රෝ'(INR vostro) නම් ගිණුම් විශේෂයක් විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය. ඒ අනුව දැන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිවේදනය කර ඇත්තේ දෙරටේ බැංකු දෙකක් අතර නිල වශයෙන් මෙම වොස්ට්‍රෝ ගිණුම් විවෘත කිරීම ආරම්භ කෙරුණු බවය.

මාධ්‍ය වාර්තාවලට අනුව මෙම ගිණුම් හරහා අපනයන, ආනයන සහ ප්‍රේෂණ ඇතුළු සියලුම ජංගම ගිණුම් ගනුදෙනු ශ්‍රී ලාංකික පදිංචිකරුවන් සහ අනේවාසිකයින් අතර සිදු කළ හැකිය. එසේම බැංකුකරුවන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයන් අතර ගනුදෙනු සිදුකිරීමේදී අනිවාර්යයෙන් බැංකු මාර්ග පමණක් භාවිත කළයුතු බවත්, එහිදී අවසරලත් ක්‍රියාකාරකම් සඳහා පමණක් අවසර ලැබෙන බවත්ය. මෙම පියවර වෙනුවෙන් ආරම්භයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට මාස කිහිපයකට පෙර එක්සත් ජනපද ඩොලරයට අමතරව, ඉන්දීය රුපියල ඇතුළු තවත් මුදල් ඒකක 16ක්, ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල විදේශ මුදල් ඒකක ලෙස නම්කරනු ලැබීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එහිදී ඉන්දීය රුපියලට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, පවුම් ස්ටර්ලින්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාට්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුල සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව විසින් පිළිගෙන තිබේ. මේ ආකාරයට ඉන්දීය රුපියල (INR) ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස නම් කිරීමත් සමග, රට තුළ ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් නොපවතින ගැඹුරු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවට සිය ගැටළු මඟහරවා ගැනීමට අවශ්‍ය ද්‍රවශීලතා සහාය ලබා දෙනු ඇත. ඉන්දියානු රුපියල ආසියාතික රටවල් අතර ජනප්‍රිය කිරීමට සහ එක්සත් ජනපද ඩොලරය මත එම රටවල් යැපෙන ප්‍රමාණය අඩු කිරීමට ඉන්දීය රජය දරන ප්‍රයත්නයට අනුව මෙම තීරණය ද ගෙන තිබේ. ඉන්දීය සංචිත බැංකුව විසින් අන්තර්ජාතික වෙළඳාමේදී ඉන්දීය රුපියල් වලින් ගනුදෙනු කිරීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇත.

ඉන්දියානු රුපියල් වෙළඳාම් යාන්ත්‍රණය ඩොලර් සහ අනෙකුත් අන්තර්ජාතිකව පිළිගත් මුදල් වර්ග වෙනුවට සියලුම අන්තර්ජාතික ගනුදෙනු වලදී ඉන්දියානු රුපියල භාවිත කිරීමේ මාධ්‍යයකි. ඉන්දීය සංචිත බැංකුව විසින් 2022 ජූලි 11 දින, ඉන්දියානු රුපියල් වලින් අන්තර්ජාතික වෙළඳාම සිදු කිරීම සඳහා මෙම යාන්ත්‍රණය පිහිටුවීම පිළිබඳව නිවේදනය කළේය. මෙම රුපියල් වෙළඳාම පිළිබඳව සිය වෙළඳ පාර්ශවකරුවන් දැනුවත් කිරීම සඳහා ‘දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්’ ආරම්භ කරන ලෙස ඉන්දීය මුදල් අමාත්‍යාංශය ඉන්දීය බැංකු සංගමය (IBA) වෙතින් ඉල්ලා ඇත. යාන්ත්‍රණය හරහා ආනයනය කරන ඉන්දියාවේ ආනයනකරුවන් විදේශීය විකුණුම්කරුගෙන් හෝ සැපයුම්කරුගෙන් භාණ්ඩ හෝ සේවා සැපයීම සඳහා වන ඉන්වොයිසි වෙනුවෙන් හවුල්කාර රටේ අදාළ බැංකුවේ වොස්ට්‍රෝ ගිණුමට බැර කළ යුතු රුපියල්වලින් ගෙවීමට සිදුවේ. ඒ හා සමානව, මෙම යාන්ත්‍රණය හරහා භාණ්ඩ හා සේවා අපනයනය කරන ඉන්දියාවේ අපනයනකරුවන්ට ඉන්දියානු මුදලින් අපනයන ආදායම හවුල්කාර රටේ අදාළ බැංකුවේ නම් කරන ලද වොස්ට්‍ ගිණුමක ගෙවිය යුතුය.

2021-2022 මුල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.81 ක් විය. එහිදී ආනයනයට වඩා වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඉන්දියාවෙන් අපනයනය කර තිබේ. කෙසේ වෙතත්, මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුල ඩොලර් හිඟවීම නිසා, මේ වසරේ අපනයන අඩකින් පමණ අඩු විය. මෙම නව පියවර යටතේ ඉන්දියානු රුපියල ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල ටෙන්ඩරයක්(විදේශීය ණයක් ගෙවීමේදී පිළිගනු ලබන මුදල් ඒකකයක්) ලෙස භාවිතා කළ නොහැකි වුවද, එය උග්‍ර ඩොලර් හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ආනයන සඳහා යම් ද්‍රවශීලතා සහායක් ලබා දෙනු ඇත. ඒ අනුව මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබාදී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල්, ඉදිරියේදී ඉන්දියාව සමග සිදුකරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු වෙනුවෙන්, එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවයි. පෙරකී ලෙස ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වන හෙයින්, මෙය ශ්‍රී ලංකාව මුහුණදී සිටින දැවන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙරටට ඇති විශාල සහනයක් වනු නොඅනුමානය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එප්පාවලින් අතුරුදහන් වූ දරුවා රිකිල්ලගස්කඩින් හමුවෙයි….

Next Post

දිලින්දන් සමග ජීවිතය බෙදාගන්නා නත්තලක් වෙනුවෙන් බැතිමත්හු සැරසෙති!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.