රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී කෝටි 10කට ආසන්න වීදි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ 08 ග්‍රෑම් 168 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 823,000.00ක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වි තිබේ.
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (22) සිදුකළ වැටලිමේ දී අත් අඩංගුවට ගනු ලබන්නේ අවුරුදු 21 සහ 42 වයස්වල පසුවන හෝකන්දර සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
සැකකරුවන් සමග විද්‍යුත් තරාදි 03 ක්, ජංගම දුරකථන 04 ක්, ව්‍යාජ අංක තහඩු 06 ක්, කාර් රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද රථයක් හා යතුරු පැදි දෙකක් ද අත් අඩංගුවට පත්කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරම විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනු දැනුම මත සිදු කරගෙන යන බවට අනාවරණය වනබවත්, මොවුන් කුලී පදනම මත ලබා ගත් නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් විමර්ශන අංශ පවසයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇත.
වැටලීම සඳහා අම්පාර කොට්ඨාසය දුෂණ මර්දනය අංශයේ ස්ථානාධිපති උ.පො.ප ප්‍රියංකර, පො.සැ 43383 මක්බුල්, පො.සැ 40503 දසනායක, පො.සැ 40514 රණසිංහ ,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත පො.කො 87285 රුමේන්දු ,පො.කො 95062 සුනිල්, කා.පො.කො 10674 උදාරි, කා.පො.කො11332 සසලා,පො.කො.රි 80632 සචේතන යන නිලධාරින් සහභාගි වුහ.







