නාවික ඉංජිනේරු විශ්ව චින්තන –
දිගින් මීටර් 400ක්ද පළලින් මීටර් 61.3ක් වන මෙම නෞකා ද්විත්වය නෞකා 10කින් සමන්විත ස්විට්සර්ලන්තයේ Mediterranean Shipping Company S.A. (MSC)ට අයත් 24346 TEU පන්තියේ මුල් සහෝදරියන් දෙදෙනාය.
මෙම නෞකා 10ම නිපදවීමට නියමිතව ඇත්තේ මහජන වීන රාජ්‍ය නෞකා ඉදිකිරීමේ සංස්ථාවේ (CSSC) යෝද නැවි තටාකාංගන 3ක් තුලය. එසේම මෙම සියලු නෞකාද බල ගැන්වෙන්නේ CSSC ටම අයත් WinGD සමාගම නිර්මාණය කල කිලෝවොට් 71,000ක බල ධාරිතාවයකින් යුත් WinGD – 11 X92 (පැරණි Wärtsilä – RT/Flex) එන්ජින් වලිනි.
ලොව විශාලතම බහාලුම් නෞකාව නැතහොත් The flagship of world container fleet කිරුළ ගිය වසරේ තිබුණේ Evergreen සමාගමේ Ever Alot (24004 TEU) පන්තිය සතු වූ අතර එය මේ වසර මුලදී MSC Tessa (24116 TEU) සහ OOCL Spain (24188 TEU) වෙතට මාරු විය. එම පරිමාව 24346 TEU දක්වා ඉහළට රැගෙන ඒමට MSC Irina සහ MSC Loreto ද්විත්වයට හැකියාව ලැබී තිබේ.
මෙම නෞකාද ඒවා මෙහෙයුම් කිරීමට හැකියාව ඇති එකම සේවා මාර්ගය වන චීනය සහ බටහිර යුරෝපය අතර සේවයේ යෙදවෙන අතර මේ යෝධ නෞකා පන්තියද ඉදිරියේදී කොළඹ වරායට යන එන ආකාරය දැක ගැනීමට හැකි වනු ඇත.
( නාවික ඉංජිනේරු විශ්ව චින්තන ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)







