පස් කන්දක් නායයෑමක් හේතුවෙන් ඉකුත් දා වසා දැමීමෙන් පසු යලි විවෘත කළ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ඉකුත් දා වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යලි මාර්ගය වසා තැබෙන බවත් මීට පෙර භාවිතා කළ විකල්ප මාර්ග ඉදිරියටත් භාවිතා කරන ලෙසත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේදී වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කඳු හා ගල්පෙරළීමෙන් පසුගියදා සිදු වූ අනතුරෙන් පසු අදාළ ප්‍රදේශයේ එක් මන්තීරුවක් විවෘත කර ගමනාගමන කටයුතු සිදු කළේය.







