සමන්තිකා වීරවර්ධන –
කොළඹ නගරයේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම සියයට 8න් ඉහළ ගොස් ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සදහන් කරයි.
අවුරුද්දට පෙර කොළඹ නගරයේ සිදුකළ පීසීආර් පරික්ෂණ 100න් 1 හෝ 2 ආසාදිතයින් ලෙස වාර්තා වුවද මේ වන විට එය දෛනිනව 15 17, 18 වශයෙන් වර්ධනය වී ඇතැයි වෛද්‍ය විජේමුණි මහතා පැවසුවේය.
අවුරුද්දෙන් පසුව ගෙවුණ දින 5ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 200 – 360 අතර සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිස කොළඹ නගරයෙන් බවද හෙතෙම පෙන්වාදේ.
කොවිඩ් පොකුරු ඇතිවීමේ දැඩි අවදානයක් මේ වන විට මතුව ඇති බැවින් ජනතාව සෞඛ්‍ය උපදෙම් නිසි පරිදි පිලිනොපැද තවදුරටත් කටයුතු කරන්නේ නම් සංචරණ සීමාවන් වුවද පැනවීමට වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන බව ඔහු පෙන්වාදේ.







