කොළඹ ජාතික රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් 14 දෙනෙකු කොවිඩ් වසංගතයට ගොදුරු වීම හේතුවෙන් MRI සහ CT අංශ වසා දැමීමට පියවර ගෙන ඇතැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේඅතර මොනරාගල , අම්පාර, දික්ඔය හා බදුල්ල රෝහල්වලද එක් විකිරණශිල්පී නිලධාරියා බැගින් මේ වන විටත් කොවිඩ් වසංගතයට ගොදුරුව ඇතැයි සංගමයේ සභාපති ධර්මකීර්ති ඈපා මහතා සදහන් කරයි.
දිවයිනපුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 50ක පමණ හිගයක් තිබියදී මොවුන් කොවිඩ් වසංගතයට ගොදුරු වීමෙන් රෝහල්වල සිදුකරන විකිරණ පරික්ෂණ කටයුතු බොහෝ දුරට අඩාල වනු ඇතැයි ඔහු අවධාරණය කරයි.
මේ අනුව රෝහල්වල සැත්කම් කටයුතු සහ රෝග විනිශ්චය කටයුතු බොහෝ දුරට අඩාල වනු ඇතැයිද සංගමය අනතුරු අගවා සිටියි.