කොළඹ අවට දරුවන්ගේ මන්පෝෂණ තත්ත්වය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතනයක් මන්පෝෂණයට ගොදූරු වී ඇති බවත් ඔවුන් සියලු දෙනාම කොළඹ අවට පදිංචි මව්පියන්ගේ දරුවන් බවත් හෙතෙමෙ පෙන්වා දේ.
මේ වන විට දරුවන් 53 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් පරික්ෂා කිරීම් වලදී දරුවන් 11 දෙනෙකු මන්පෝෂණය සහ තවත් දරුවන් 4 දෙනෙකු තීව්‍ර මන්පෝෂණයටද ගොදුරුව ඇති බව අනාවරණය විනැයි වෛද්‍ය දීපාල් පෙන්වාදේ.
මෙම දරුවන් අතර උසට සරිලන බරකින් හා වයසට සරිලන උසකින් නොපෙලුණ බව හෙතෙම අනාවරණය කළේය.
දැනට පවතින ආර්ථික අර්බුධ හමුවේ රට පුරාම දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය තවත් ඉහළ යා හැකි බව වෛද්‍ය දීපාල් පෙන්වාදේ.
මන්පෝදෂණ තත්ත්වයට දරුවන් ගොදූරු වීම හමුවේ ඉදිරියේදී නොයෙකුත් රෝග ත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැකි බව හෙතෙම පෙන්වාදේ .







