දකුණේ පාතාලයේ නම ගිය අපරාධකරුවකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක අද අළුයම මීරිගම රේන්දපොල ප්‍රෙද්ශයේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමකදී මියගොස් තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි තාරක, ලැබුණු තොරතුරුකට අනුව මීරිගම රේන්දපොල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් එහිදී ඇති වූ සිදුවීමකදී තුවාල ලබා මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම සිද්ධියේදී පොලිස් පරීක්ෂකවරයකුටද තුවාල සිදුව අති අතර ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
34 වැනි වියේ පසු වූ කොස්ගොඩ තාරක 2018 වසරේ මාතර ස්වර්ණාභරණ අලෙවිසැළක් මංකොල්ල කෑමට දැරූ උත්සාහයේදී එය වැළැක්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම ඇතුළු මන්‍රෂ්‍ය ඝාතන රැසකට සහ කොල්ල කෑම් රැසකට සම්බන්ධ පුද්ගලයකු ලෙස සැලකේ. කලක් බන්ධනාගාරගත ව සිටි ඔහු අධිකරණ නියෝගයක් මත අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය. පසුගිය වසරේදී බූස්ස බන්ධනාගාරයට ගිය බන්ධනාගාර නිලධාරීන් පිරිසකට සහ ජනාධිපතිවරයාට මරණ තර්ජන කිරීමේ සිදුවීමටද චෝදනා ලබා සිටි එක් පුද්ගලයකු වූයේ කොස්ගොඩ තාරකයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශෂණයක් ආරම්භ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.