කොවිඩ්-19 රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ බිම් මට්ටමින් සිදුනොකරන නිසා එය වසංගත තත්ත්වයක් දක්වා උග්‍ර විය හැකි ද යන්න අවබෝධ කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැති බැවින් හැකි තරම් කොවිඩ් මර්දන උපදේශන අනුගමනය කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (මැයි 17) විශේෂ ප්‍රකාශයක් සිදු කොට තිබේ.
සභාපතිවරයා මෙසේද කීවේය.
“වෛරස් රෝගයක් සහ Covid-19 යැයි සැක කළ හැකි තත්වයක් මේ වන විට බිම් මට්ටමේ බහුලව දක්නට ලැබෙන බවත් එය පාසල් සහ අනෙකුත් ආයතන තුළ වසංගතයක් ලෙස පැතිර යමින් පවනින බවත් එබැවින් සාමාන්‍ය ජනතාව වන අප මේ මොහොතේ වගකීමෙන් ක්‍රියා කළ යුතුයි.
අත් සේදීම වැනි කොවිඩ්-19 වැළැක්වීමේ මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බව සඳහන් කළ උපුල් රෝහණ අනවශ්‍ය රැස්වීම් සීමා කිරීම සහ නැවත වරක් මුව ආවරණ පැළඳීමට වග බලා ගැනීම උපකාරී වන බව ද අවධාරණය කළේය.







