කොවිඩ් රෝග ලක්ෂණවලට නොව කොවිඩ් රෝග තත්ත්වයට ප්‍රතිකාර කරන්නැයි කොළඹ වෛද්‍ය පීඨයේ පවුල් වෛද්‍ය අධ්‍යනය අංශයේ අංශාධිපති වෛද්‍ය රුයිෆ් හනිෆා වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
රෝග ලක්ෂණයන් සදහා ප්‍රතිකාර කිරිමේදී රෝගීන්ට අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට සිදුවනු ඇති බැවින් එය ශරීර සෞඛ්‍යයට විශාල හානියක් වනු ඇති බැවින් රෝග තත්ත්වයන් සලකා බලා ඖෂධ නිර්දේශ කරන්නැයි වෛද්‍ය හනිෆා ඉල්ලා සිටියි.
වෛද්‍යවරුන් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට යන රෝගීන් වුවද වෛද්‍යවරයා ලබා දෙන ඖෂධ ප්‍රතිකාරයන් සම්බන්ධයෙන් වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඖෂධ පිලිබඳව දැනුවත් භාවයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් යැයිද ඔහු සදහන් කරයි.
.