යුරෝපයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කොවිඩ් හතරවැනි රැල්ල හේතුවෙන් ජර්මනියට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කර් ප්‍රකාශ කර ඇත. ගතවූ පැය 24 තුළ ජර්මනියෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52,826 ක් වාර්තා වී තිබේ.
ඒජන්සි වාර්තා කියන්නේ බෙල්ජියම,නෙදර්ලන්තය සහ චෙක්හි දෛනික ආසාදිතයින්ද ක්‍රමයෙන් ඉහළ යමින් ඇති බවය.
මේ වනවිට බෙල්ජියම සිනමාශාලා හා කෞතුකාගාර වෙත ඇතුළු වීමේදී කොවිඩ් ආරක්ෂක ටිකට්පතක් ලබාදීම අනිවාර්ය කර තිබේ.
යුරෝපා කලාපීය රටවල් රැසක පූර්ණ එන්නත්කරණය සිදු නොකළ පුද්ගලයින්ට දැඩි සීමා පැනවීමටද කටයුතු කර ඇත.