කොවිඩ් මිනී පුච්චන්නෙ විශේෂඥ නිර්දේශයක් පිට… ඇත්ත විකෘති කරන්න එපා..

නතාෂා නෙත්මිණි  –   

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ  මෘත ශරීර ආදාහනය කිරීමට තීන්දු කර ඇත්තේ විශේෂඥ වාර්තාවන්ට අනුව බව  සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජෙගත කිරිමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බැවින් ඒවායෙන් වැලකී සිටින ලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමහර දේශපානලඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදුකරන බවට  පෙනී ගොස් ඇති බැවින් මෙම ඉල්ලීම කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.


 

 

Exit mobile version