කොවිඩ් අසාදිත ගුරුවරියක් පිළිබඳ වාර්තා වීමත් සමග මිනුවන්ගොඩ මාරපොල මහා විද්‍යාලය ලබන මැයි 03 දක්වා වසා දැමීමට සෞඛ්‍ය බලධාරීහු අද තීන්දු කළහ.
පසුගිය 19 දා පාසල් ආරම්භ වීමෙන් පසු මේ දක්වා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක දරුවන් 78 දෙනෙක් නිරෝධායනය කර ඇති බවත් දරුවන් 10 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා ලංකාසරට පැවසීය,
මීට පෙර අස්ගිරිය සුදර්ශන විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වී තිබිණි. එම නිසා එම පාසලේ අධ්‍යාපන කටයුතු ඇණ හිටියේය.
මේ වනවිට දරුවන් පාසල් පැමිණීමේ සීඝ්‍ර අඩුවක් පවතින බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.