කොවිඩ් ප්‍රභේද පැතිරීම හිතුවාට වඩා භයානකයි – ජ’පුර සරසවියෙන් අමාත්‍යාංශයට වාර්තාවක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට පැතිර යන කොරොනා වෛරස් ප්‍රභේද අප හිතනවාට වඩා බරපතල සහ භයානක බවත් ඒ පිළිබඳ ව තම ආයතනය විසින් සිදු කරන ලද වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කරන ලද බවත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.
අදාළ පර්යේෂණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දී ඇති බවත් වාර්තාව ප්‍රසිද්ධ කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය ලේකම්වරයාට හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට බව සඳහන් කළ වෛද්‍ය ජීවන්දර එම වාර්තාවේ සදහන් කිසිවක් කීමට තමාට බලයක් නොමැති අතර කිව හැක්කේ ඉතා භයානක තත්ත්වයක් පවතින බව යැයිද පැවසීය.
කෙසේ නමුත් පැතිර යන ප්‍රභේදයන් සෙවීමේ කටයුතු නොකඩවා ඉදිරියට කරගෙන යන බවත් ඔහු පැවසීය.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රාදෙක අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වන බවත් එසේ ලබා ගත්තද සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිලිපැදීම අනිවාර්ය යැයිද ඔහු අවධාරණය කරයි.
මෙම වාර්තාව සම්බන්ධයෙන් අප සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසු කළ ඔහු සදහන් කළේ අදාළ වාර්තාව මේ වන විට වසංගත රෝග විද්‍යා අංශයේ අධීක්ෂණයට ලක්කරමින් සීටින බවය.
ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු කොරෝනා රෝගය ඇතිකරන විවිධ ප්‍රභේදයන් ප්‍රදේශ ගණනාවකින් මේ වන විට වාර්තාව වී ඇති බවත් එම ප්‍රදේශ නිවැරදිව හදුනා ගැනීම මේ වන විට ආරම්භ කර ඇතිබවත් අද දිනය තුළදී අදාල වාර්තාව මාධ්‍යයට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද විශේෂඥවරයා පැවසීය.

Exit mobile version