පල්ලේකැලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදිකරන ලද කොවිඩ් ප්‍රතිකාර අතරමැදි රෝහල සඳහා හෙට ( 21දා) රෝගීන් දෙසිය පනහක් ඇතුළත් කර ගන්නා බව මධ්‍යස්ථාන භාර වෛද්‍ය චමින්ද ඒකනායක පවසයි.
පොල්ගොල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි රෝගින් සහ වෙනත් රෝගීන් මෙම දෙසීය පනහක පිරිසට අයත් බවද හෙතම කියයි.
දැනට මෙම මධ්‍යස්ථානයේ සේවය සඳහා වෛද්‍යවරුන් නවදෙනකු හෙදියන් දහදෙනකු සහ සෞඛ්‍ය කාර්යය සහායක හා රියදුරන් තිදෙනකු සිටින බවද කී වෛද්‍ය ඒකනායක රැකියා ලක්ෂය යටතේ රාජ්‍ය සේවය ට පැමිණි උපාධිධාරින් දොළොස්දෙනකු සහ රතුකුරුස සංවිධානයේ සහායකයින් හය දෙනකුද සේවය සඳහා යොදවා සිටින බව පවසයි.
ඉකුත් සතියේ ජනතා අයිතියට පත්කරන ලද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් දහසක් ඇති බැවින් ඉදිරි දින වලදී ද රෝගින් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය ඒකනායක කීය.