පානදුර ප්රදේශයේ නිවෙසක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06ක් හා පිරිමි අයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නෙ අද (19) සවස මෙම වැටලීම සිදුකළ බවය.
අත් අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 30ත් 48ත් අතර පසුවන්නියන් බවත්, ඔවුන් මොරවින්න, මාදුපිටිය, ගොළුකොටුවවත්ත, ප්රදේශවල පදිංචිකාරියන් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් කාන්තාවන් බූරු ගැසීමට යොදා ගන්න බූරු කුට්ටමක්, මුදල් සහ ජංගම දුරකථන 06ක් පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් අනුව වැටලීමේ දී බූරු ගසමින් සිටි කාන්තාවන් දිවයන්නට උත්සාහ කර තිබේ. ඒ අවස්ථාවේ දී පොලිස් කාන්තා නිලධාරිණියක් හා එක්ව පොලිස් නිලධාරීන් සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් 6 දෙනා හා සැකකාරිය හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.