ලලිත් චාමින්ද –
දැනට තාවකාලිකව වසා දමා ඇති කරාපිටිය 56 පිළිකා රෝගී වාට්ටුවට යලි රෝගින් ඇතුළත් කරගැනිම පිළිබඳ හෙට සදුදා (21) දින තින්දුවක් ගන්නා බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා නිශානි ඔබේසේකර සඳහන් කළාය.
කරාපිටිය 56 පිළිකා වාට්ටුවේ රෝගින් 11 දෙනෙකු දැනට වාට්ටුව තුළ නිරෝධායනය වෙමින් සිටින බවත් සාමාන්‍ය රෝගින් 05 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය සඳහා ගිලන් රථ මගින් නිවෙස්වලට පිටත්කර යැවු බවත් වැඩබලන අධ්‍යක්ෂකවරිය සදහන් කළාය.
56 වාට්ටුවේ රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු 56 28 29 යන වාට්ටුවල රෝගින් සාත්තුවට සිටි අය හා මෙකී වාට්ටුවල කාර්ය මණ්ඩලයේ 278 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක් කළ බවත් ඉන් කොරෝනා ආසාදිත බවට තහවුරුවි ඇත්තේ රෝගින් 13 දෙනෙකුට හා සාත්තුවට සිටි 03 දෙනෙකුට පමණක් බවත් වැඩබලන අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.