දිනසේන රතුගමගේ –
කොරෝනා තර්ජනයක් නිසා මුලතිව් මාන්කුලම් රජයේ රෝහල වසා දමා එහි වූ සාමාන්‍ය රෝගීන් මුලතිව් රෝහල වෙතට ඊයේ ( 4 ) මාරු කොට යවා තිබේ.
මුලතිව් මාන්කුලම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු හෙදියන් පස් දෙනෙකු ඖෂධවේදියෙකු හා තවත් සේවක සේවිකාවන් තුන්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත් වීමත් සමගම සෞඛ්‍ය බලධාරීන් මේ තීරණය ගෙන තිබේ.
මාන්කුලම රෝහල වසා දැමිමෙන් පසුව යුද හමුදාව සෞඛ්‍ය නිලධාරින් සමග පැමිණ රෝහල තුළ විෂබීජාණුහරණය කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත.