කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිකාර සඳහා මුඛ මාර්ගයෙන් ලබා දෙන ප්‍රතිවෛරස බෙහෙත් කරලක් අනුමත කළ ලොව ප්‍රථම රට බවට බ්‍රිතාන්‍යය අද (04) පත් විය.
molnupiravir ලෙස හඳුන්වනු ලබන මෙම ප්‍රතිවෛරස ඖෂධය එක්සත් ජනපදය පදනම් කරගත් Merck (MRK.N) සහ Ridgeback Biotherapeutics ආයතන විසින් සංවර්ධන කරන ලද්දකි.
බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) විසින් molnupiravir නම් මෙම ඖෂධය නිර්දේශ කර ඇත්තේ සාමාන්‍ය තත්වයේ සිට මධ්‍යස්ථ රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ට සහ තරබාරුකම, මහලු වියේ දියවැඩියාව, හෘද රෝග වැනි දරුණු රෝග වර්ධනය වීමේ එක් අවදානම් සාධකයක් හෝ ඇති පුද්ගලයින්ට භාවිතා කිරීම සඳහා ය.
කොවිඩ් ආසාදිතබව තහවුරු වී රෝග ලක්ෂණ පහළ වීමෙන් දින 05ක් තුළ මෙම ඖෂධය භාවිත කිරීමේන් රෝගය ප්‍රශස්ථ ලෙස පාලනය වන බව නිශ්පාදකයෝ පවසති
මෙම ඖෂධය එක්සත් ජනපදය තුළ අනුමත කිරීම සම්බන්ධ සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලධාරීන් මේ මස තුළ රැස්වීමට නියමිතය.
( රොයිටර්)
.







