අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ජීවිත බේරාගන්න වෛද්‍යවරු එක්මෝ යන්ත්‍ර ඉල්ලති

by Lanka Sara Editor
අප්‍රේල් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍යවරු එක්මෝ යන්ත්‍ර ඉල්ලති
මෑත කාලීන ව වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ පෙණහලු ප්‍රදාහ තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් ඔවුන්ට කෘත්‍රිමව ශ්වසනය ලබා දීමේ එක්මෝ යන්ත්‍ර කිහිපයක දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ වනවිටත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපනය කර ඇති කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් සඳහා ප්‍රතිකාර කෙරෙන විශේෂිත මධ්‍යස්ථානයේ ගැබිණි මවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවන බවත් ඇයට මෙම යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවක් පවතින බවත් වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇයට හදිසි ප්‍රතිකාර ලබා දීමේදී මෙම යන්ත්‍රයක අවශ්‍යතාව දැඩි සේ පැන නැගී ඇති අතර දැනට මෙවැනි රෝගීන් වෙනුවෙන් භාවිත කළ හැකි එකම යන්ත්‍රය වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයට මෙම රෝගී මව සම්බන්ධ කිරීමට අදාළ ව පියවර ගනිමින් සිටින බව එම වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

නව කොවිඩ් ප්‍රභේද වාර්තා විමත් සමඟ විවිධ සංකූලතාවලට ලක්වන රෝගීන් ගේ වැඩි වීමක් නිරීක්ෂණය කර ඇති අතර එහිදී පෙණහලු ප්‍රදාහ තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙම තත්ත්වය මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන්නට තරම් බරපතල විය හැකි අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමේදී ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුමක් ලබා දීමට එක්මෝ (ECMO)යන්ත්‍රයට හැකියාවක් ඇත. කෙසේ වුවද දැනට මෙම යන්ත්‍ර පවතින්නේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පමණි.

මේ පිළිබඳව ලංකාසර නැගෙනහිර කොළඹ මූලිත රෝහලේ කොවිඩ් ආසාදිත මව්වරුන් සඳහා ප්‍රතිකාර කෙරෙන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රසව හා නාරිවේද ශල්‍ය විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතාගෙන් කළ විමසීමකදී මේ වනවිට එවැනි යන්ත්‍රයක අවශ්‍යතාවක් සහිත අසාධ්‍ය තත්ත්වයේ පසුවන මවක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සනාථ කළේය.

ඇයට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබ දීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් කරාපිටිය රෝහලට ඇය යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන වත් පැවසූ විශේෂඥ වෛද්‍ය දෙවොලගේ මෙ වැනි වසංගත තත්ත්ව අවස්ථාවක මාතෘ මරණ වළක්වා ගැනීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතයේ නව ප්‍රවණතා පිළිබඳව සැලකීමේදී මෙලෙස හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත්ව ශ්වසන අර්බුදවලට මුහුණ දෙන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අවම වශයෙන් අයි.ඩී.එච් රෝහලට හෝ නැගෙනහිර කොළඹ මූලික රෝහලට මෙවැනි යන්ත්‍රයක අවශයතාව දැඩි සේ පවතින බවත් එම යන්ත්‍ර ලබා දිමට කටයුතු කිරීමට අත්‍යවහ්‍ය කරුණක් බවත සඳහන් කළේය.අවම වශයෙන් මෙවැනි යන්ත්‍ර පහක්වත් මෙරට රෝහල් පද්ධතියට එකතු වන්නේ නම් එය අතිශයින්ම වැදගත් වනු ඇති බවද වෛද්‍ය දෙවොලගේ තවදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති වීරසේකර බදියුදීන් අත් අඩංගුවට ගැනීමට හේතුව කියයි….

Next Post

ලංකාව කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් කරගන්න ඉන්දියාවට ඉඩ දෙන්න එපා… PHI ලා කියති…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.