බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිකාර සමයේ අත්දැකීම් ගැන කොවිඩ් අසාදිතයෙක් ලංකාසරට කී කතාව

by editor
නොවැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය දින කිහිපයෙහි කොවිඩ් වෛරසය ආකාරයෙන්ම සමාජ ජාල අතර පැතිර ගිය ජනප්‍රිය වීඩියෝ කෑල්ලක් විය. එය බණ්ඩාරගම රෝහලේ සිට අමතන කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ වීඩියෝවකි. චමින්ද මීගොඩ නමින් තමන් හඳුන්වා දුන් මේ පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු ලෙස තමන් මුහුණ දුන් අත්දැකීම් සහ කළ වත්පිළිවෙත් පිළිබඳව කළ කතාව කොවිඩ් කෙරෙහි විචිකිච්ඡාවෙන්   සිටි බොහෝ දෙනාගේ ඇස් ඇරවීමට සමත් වූයේය.

ලංකාසර අපි චමින්ද මීගොඩ ඇමතීමු. වාසනාවට ඔහු මේවනවිට  සුවය ලබා නිවසේ දින 14ක නිරෝධායනයේ සිටී.  ඔහු අපට ඒ කෙටි වීඩියෝවෙන් නොකියවුණු බොහෝ කතා කීවේය. ඒ අත්දැකීම  කොවිඩ් වෛරසයේ  තර්ජනය දකිමින්  ජීවිතය හැඩ ගස්වා ගන්නට අවශ්‍ය ප්‍රායෝගික දැනුම් ප්‍රමාණයක් ලබා දෙනු ඇතැයි  අපි විශ්වාස කරමු.

මේ ඔහුගේ කතාවයි.

චමින්ද මීගොඩ

වෛරසය ආසාදනය වුණු හැටි

“ මා සේවය කරන්නේ ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ. මට වෛරසය ආසාදනය වුණේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසල ආශ්‍රයෙන්. මොකද මම සැප්තැම්බර් මාසේ 17 වැනි දා ගියා පෑලියගොඩ මාත්ස්‍ය වෙළෙඳපොලට. ඊට පසුව අපිට පෑලියගොඩ පොකුර ගැන මුලින්ම ආරංචි වෙන්නේ සැප්තැම්බර් 21 වැනිදා.  හමුදාපතිතුමා නිවේදනයකින් කිව්වා පසුගිය දින හතර තුළ පෑලියගොඩ  මත්ස්‍ය වෙළෙඳපොලට ගිය අය ඉන්නව නම් අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවෙන්න කියලා.

මම ඒ වෙලාවෙම තීරණය කළා   නිරෝධායනය වෙන්න.   අපි නිවසේ නිරෝධායනය වුණා. මේ අතරේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාත් උපදෙස් දුන්නා නිවසේ නිරෝධායනය වෙන්න කියල. අප දින කිහිපයකින් පීසීආර් පරීක්ෂණයට යොමු කළා. එහිදී මා ආසාදිතයකු බවට තහවුරු වුණා.

ඊට පසුව අපේ පවුලේ සෙසු සමාජිකයන් සම්බන්ධයෙන් පීසීආර් කළාම මගේ වයස අවුරුදු 18ක පුතාටත් රෝගය ආසාදනය වී ඇති බව දැන ගත්තා.   මාව බණ්ඩාරගම රෝහලට ඇතුළත් කළා. වාසනාවකට මගේ දරුවාත් මේ රෝහලටම මගේ  ඇඳ ලඟම ඇඳකට යොමු කරලා තිබුණා. එක දෙයක් කිව යුතුයි. හමුදාපතිවරයා මේ සම්බන්ධව කළ මුල්ම දැනුවත් කිරීම සමග ගොඩ දෙනෙක් හැසිරුණු වගකීම් සහගත විධිය නිසා මේ රෝගය සමාජයෙ ව්‍යාප්ත වීම ගොඩාක් අඩු වුණා.“

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

peliyagoda Fish Market

බණ්ඩාරගම රෝහලේ දින 14ක අත්දැකීම 

ඇත්තටම රෝහල භාර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී තුමිය ඉතාම හොඳ පරිපාලන පරිචයක් ඇති කෙනෙක්. එතුමිය අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ගත්තා.  ඇය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය අපට ඉතාම ඉහළින් සත්කාර කළා. මේ රෝගීන් එක් අයකුවත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වපු අය නෙවෙයි. මේ රෝගයට කියලා කිසිම අමුතු  ප්‍රතිකාරයක් තවම නැහැනේ. කාට හරි හිසරදයක් වගේ ආවොත් පැරසිටමොල් පෙත්තක් දෙනවා හැරෙන්නට වෙනත් ලොකු ප්‍රතිකාරයක් ලැබෙන්නේ නෑ. සිදුවෙන්නේ විද්‍යාත්මක තත්ව යටතේ නිරීක්ෂණය වෙන නිරෝධායන ක්‍රියාවලියක්.    දියවැඩියාව අධි රුධිර පීඩනය, කොලෙස්ටෙරෝල් වැනි නිධගන්ගත රෝග පවතින අය ඒ ඖෂධ ඒ ආකාරයට භාවිත කළා.

අපිට මෙහිදී යම් වගකීමකින්යුතුව වැඩ කරන්න ඕන වුනා. මොකද අපෙන් රෝහල් කාර්ය මණ්ඩයටවත් පිට සමාජයටවත් මෙම වෛරසය ව්‍යාප්ත නොකිරීමේ ලොකු වගකීමක් අපට තිබුණා. සාමාන්‍යයෙන් මෙවැනි කොවිඩ් රෝගීන් සිටින වාට්ටුවක් තුළට වෙනත් වාට්ටුවලට වගේ  හැම වෙලාවෙම වෛද්‍යවරුන් හෝ හෙදියන්ට පැමිණීම අසීරුයි. එකක් අවදානම්. අනෙක් අතට ඔවුන් එනවා නම් සියලුම ආරක්ෂක උපකරණ පැළඳගෙන පැමිණිය යුතුයි. එය එක් අතකට නාස්තියක්. වියදමක්.

අපේ වැඩ අපිම

මෙහිදී අපේ බොහෝ  දේවල්  අපම  කරගත යුතුයි. විශේෂයෙන් අපට ආහාර සැපයුවාම ඒවා අප අතරේ බෙදා ගැනීම, උණු වතුර ලබා දුන්නාම ඒවා අරන් තේ කොත්තමල්ලි ආදිය හදා ගැනීම අපම කළ යුතුයි. අපට ඊට අවශ්‍ය කිරිපිටි, සීනි, කොත්තමල්ලි, තේ සියල්ල ලැබුණා. අපි ඒවා අරන් අපිම වරිනි වර තේ කොත්තමල්ලි,  උණුවතුර පානය කළා.

අපි  මෙහිදී කළ එක් විශේෂම දෙයක් තමයි නිතර නිතර උණුසුම් පානයන් භාවිත කිරීම. සාමාන්‍යයෙන් අඩුම තරමින් පැය භාගයකට වරක්වත් අපි මේ අයුරින්  උණුසුම් පාන වර්ග ගත්තා. උදේට දවල්ට ලුණු වතුරෙන් උගුර සේදුවා. අපට හුමාලය අල්ලන් පොඩි ස්ටීමර් කිහිපයක් ලැබුණා. ඒකෙන් අපි හුමාලය ඇල්ලීමත් කළා. මේ දේවල් නිසා ඇඟට යම් පහසුවක් දැනුණා.“

සමාන්‍යයෙන් රෝහලකට ඒකරාශී වන්නෙ විවිධ ජාතීන් විවිධ සංස්කෘතීන් සහ සමාජ ස්ථරයන්ගේ නියෝජනයන්. එවැනි තැනක මේ කියන වත් පිළිවෙත්  නිසි ලෙස කරන එක පහසු නෑ කියලා ඔබ හිතාවි.  එහෙත් ඒ මොහොත අපි කළමනාකරණය කළා. මොකද එහෙම වැඩ පිළිවෙළක් සකස් කිරීම හා පවත්වා ගැනීමේ වගකීමක් එවැනි වාට්ටුවක රෝගීන්ට තිබිය යුතුයි.

වාට්ටුවකට නායකයෙක්…

“ අපි වාට්ටුවක හෝ ඒකකය රෝගීන් අතරින් අයෙක් නායකයෙක් ලෙස තෝරා ගන්නවා… ඔහු හෝ ඇය හරහා බොහෝ දේ සිදුවෙනවා. අපේ කණ්ඩායමටත් නායකයෙක් හිටියා. ඔහුට මමත් ලොකු සහයක් ලබා දුන්නා. මොකද අපි හැමෝම මේ රෝගය  ව්‍යාප්ත වීම වැලකීම පිළිබඳව හිතේ ලොකු වකීමක් තිබුණු අය. අපි සියලුම රෝගීන්ට අපේ වගකීම, අපි මේ දින කිහිපය ගත කළ යුත්තේ කොහොමද කියන එක ගැන  හොඳ අවබෝධයක් ලබා දුන්නා.

ඒ වගේම මේ පිළිබඳව සමාජයේ පවතින මිත්‍යා මත,  කොවිඩ් කියන්නෙ අනවශ්‍ය ලෙස බිය විය යුතු රෝගයක් නොවන වග,    ඉන් වැළකීමට    සෞඛ්‍යය  පිළිවෙත් නිසි ලෙස රැක ගැනීමෙන් හැකි බව, අවබෝධයකින් වගකීමකින් විශේෂඥ උපදෙස් රකිනවා නම්  මෙම වෛරසය පරාජය කළ හැකි බව පිළිබඳ සංවාදක් ඇති කළා.    කොටින් කියනවා නම් රෝගයෙන් මිදෙන වගකීම තියෙන්නෙ ආණ්ඩුවට හෝ වෛද්‍ය කාර්ය මණ්ඩලය අත නොව   අපේ අතේම බව මේ සංවාදයෙදි තහවුරු කළා.

ඇත්තටම අපි එක්ක විවධ ජාතීන් හිටියා. විවිධ තලවල රැකියා කරන අය හිටියා.    ධීවර ප්‍රජාවේ අයත් හිටියා. කියන්න සතුටුයි.  මේ හැමෝම  හරිම වගකීමකින් කටයුතු කළා.

නිරවුල් මනසකින් සහ සැහැල්ලුවෙන්

“ අපි හැමෝම ඉතා නිරවුල් මනසකින් සහ සැහැල්ලුවෙන් හිටියා. අනවශ්‍ය මානසික පීඩනයකින් ආතතියකින් සිටිනවා  නම් එය අපේ සිරුරට,  ප්‍රතිශක්තියට බලපාන බව දැනගෙන හිටියා.

අපි රෝහලේ ඉන්න දවස්වල   කාඩ් සෙල්ලම් කළා. කැරම් ගැහුවා. එක් එක් අය ඔවුන්ගේ ආගමික විශ්වාසයන් මත අධ්‍යාත්මික නැඹුරුවකින් වැඩ කළා.    භාවනා කළා. නමුත් මේ හැම දෙයක්ම කළේ නිසි සෞඛ්‍ය පිළිවෙත් මතම පමණයි.

අපි නිසි ශාරීරික දුරස්ථ භාවය  හැම විටෙකම ආරක්ෂා කළා.  කැරම් සෙල්ලම් කරද්දි, කාඩ් සෙල්ලම් කරද්දි  වුණත් නියමිත් දුර පවත්වා ගත්තා.  දිනකට ශල්‍ය  මුව ආවරණ කිහිපයක් වරින් වර පාවිච්චි කළා.   නිසි පරිදි උපදෙස් පිළිපදිමින් පාවිච්චි කළ මුව ආවරණ බැහැර කළා. නිදා ගද්දී පවා අපි මේ මාස්ක් එක දාගෙන  හිටියේ.

උසස්පෙළ ලියන දරුවා…

අපි අතර හිටි අයට විවිධ ගැටලු තිබුණා.   අපිත් එක්ක හිටියා බේරුවල පැත්තේ මුස්ලිම් මහත්මයෙක්. ඔහුගේ නිවසේ හිටි පස් දෙනාම කොවිඩ් ආසාදනය වෙලා කියල දැන ගත්තා. එතකොට රෑ එකොළහ හමාරයි.

ඒ වෙනකොට උසස් පෙළ විභාගයට දවස් දෙකයි. එයාගේ දරුවෙක් විභාගය ලියන්න සූදානමින් සිටියා. ඒ දරුවටත් කොවිඩ් ආසාදනය වෙලා.  මෙයා මොකද වෙන්නේ කියල නොදැන හරිම අවිනිශ්චිත බවකින් හිටියේ. අපි එයාට කිව්ව හෙට උදේම බලමු කියල.

මම   දුරකථන අංකය සොයාගෙන පළාතේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී තුමාට කතා කළා. සිද්ධිය කිව්වා. එතුමා ඒ වන විටත් සිද්ධිය ගැන දැනගෙන සිටියෙ. වෛද්‍ය නිලධාරි තුමා මේ දරුවයි අම්මයි දෙන්නාම අයි.ඩී.එච් රෝහලට යවන්න කටයුතු සූදානම් කරලා තිබුණේ. හේතුව ඒ රෝහලේ විභාග මධ්‍යස්ථානයක් තිබුණු නිසා.

අනෙක් දරුවෝ තුන් දෙනා ආච්චිත් එක්ක තවත් රෝහලට යොමු කිරීමට ඒ වෙන විටත් වෛද්‍යවරු කටයුතු කර තිබුණා. මම ඒ වෛද්‍යවරයාට පින් දීල අර මනුස්සයාට පවුලෙ තත්වය කිව්වා. ඔහු සන්සුන් වුණේ ඊට පස්සේ.

අසරණ වූ ආසාදිතයෝ…

තවත් වරක් අපිත් එක්ක හිටි බේරුවල සහ පානදුර ප්‍රදේශයේ දෙදෙනකුගේම නිවාසවල කුඩා දරුවන් දෙනෙකු හැරෙන්න සියලුම අය ආසාදිතයන් වෙලා රෝහල්වලට අරන් ගිහින් තිබුණා. නිවසේ ඉතිරිවෙලා හිටියෙ දරුවො දෙන්න විතරයි. නිරෝධායනය  නිසා අහල පහළ අය තබා ඥාතියෙකුටවත් මේ අය ගැන සොයන්න විදිහක් නෑ.

ඒ තාත්තාග ඇස්වල කඳුළු පිරිල.  මට  ඇහෙනවා ඒ තාත්ත පොඩි දරුවට ෆෝන් එකෙන් කියනවා “ පුතා බය වෙන්න එපා. අපි මෙහෙ ඉන්නවනේ. ලයිට් දාගෙන නිදා ගන්න කියල.“  අනෙක් මහත්මයාගේ බිරිය පොසිටිව් වෙලා අරන් ගිහින්. ගෙදර හිටියේ අවුරුදු 22ක ගැහැණු දරුවා විතරයි.

මම රෝහලේ වෛද්‍යතුමියට කතා කරලා අදාළ නිලධාරීන්ගේ අවසරය ඇතිව එක දවසක් කලින් ඔවුන් දෙදෙනාට නිවසට ගොස් නිරෝධායනය වෙන්න අවශ්‍ය පසුබිම් අපි හදලා දුන්නා. එහෙම නොවුනා නම්  මේ මහත්වරුන් දෙන්නම ආතතිය නිසා වෙනම අසනීප වෙනවා.මේ වගේ අර්බුදයකදී පවුල්වලට වෙන බලපෑම කොයිතරම්ද කියල එයින් තේරෙනවා. අපි මේ වගේ වෙලාවකදී වගකීමෙන් සහ අවධෙයෙන් යුතුව කටයුතු කළ යුතුයි.

නිවසට ආ පසු… 

දැන් මගෙ රෝහල් ගත කාලය ඉවරයි. එතැන වෙච්චි අධීක්ෂණ මාලවෙන් පස්සේ මා සහ මගෙ දරුවා දැන් ගෙදර ඇවිත් ඉන්නෙ.

දැන් අපි අතිශයින්ම සැලකිලිමත්. ප්‍රවේසම් සහිතයි. අප ගත කරන්නෙ ඉතාම දැඩි ලෙස සෞඛ්‍ය පිළිවෙත් රකින නිරෝධායන කාලයක්. පවුලේ අයට හෝ බාහිර සමාජයට කිසිම ආකාරයකින් මේ රෝගය ව්‍යාප්ත වෙන්න අප ඉඩක් තියන්නෙ නෑ. කිසිම ගැටීමක් නෑ පවුලෙ අයත් එක්ක. කෑම බීම පවා ගන්නේ නිශ්චිත පිළිවෙත් රකිමින්. අපි දැන් උදේට ව්‍යායාම කරනවා. ආගමික නැඹුරුවක් සහිත අධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා. සැහැල්ලුවෙන් වකීමෙන් විශ්වාසයෙන් නිරෝධායන කාලය ගත කරනවා.

මේ සමාජ වගකීම් සහගත භාවය තියනව නම් අපට මේ රෝගය ඉතාම පහසුවෙන් වළක්වා ගත හැකියි.   සමාජ ජීවිතයක් ගත කළ හැකියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන නීති කඩකර සේවයේ යෙදවූ රියදුරා නිසා පළාතම කොවිඩ් අනතුරක..

Next Post

ජනපති ලබන 18 වැනිදා ජාතිය අමතයි

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.