දිනසේන රතුගමගේ –
උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්.චාර්ල්ස් විසින් උතුරේ රාජ්‍ය සේවකයින් හා විවිධ සංවිධාන විසින් පරිත්‍යාග කරණ ලද හා පළාත් සභාවේ මුදල් වලින් රුපියල් ලක්ෂ 400 ක මුදලක් කොවිඩ් වෛරස් රෝග මර්දනය සඳහා පිහිටුවා ඇති අරමුදල වෙනුවෙන් බැර කිරීම සඳහා ඊයේ (10) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබීය..
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පරිත්‍යාගය සිදු කළ අතර චෙක්පත ජනාධිපතිවරයා වෙත බාර දෙන අවස්ථාවට උතුරු පළාත් සභාවේ ලේකම්වරයාද සහභාගී වී සිටියේය.