ඩුබායි හි සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ කොස්ගොඩ සුජී ගේ යැයි සැක කරන මත්ද්‍රව්‍ය තොගයක් අද ( 31) අලුයම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
කිලෝ ග්‍රෑම් 250කට අධික මෙම හෙරොයින් තොගය ජාත්‍යාන්තර මුහුදේ සිටි ට්‍රෝලරයක ආධාරයෙන් බේරුවල වෙත ප්‍රවාහනය කරමින් තිබිය දී අත්අඩංගුවට පත් වී තිබේ. මත්ද්‍රව්‍ය තොගය සමග බලපිටියේ සහ බේරුවල පදිංචිකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත නාවික හමුදාව සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි බෝට්ටුව මුහුද මැද දී ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට පත් අවස්ථාව වන විට මත්ද්‍රව්‍ය වලින් කොටසක් මුහුදට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.