පොදු ප්‍රවාහන සේවය භාවිත කරන සෑම පුද්ගලයෙකුම තම ගමනාන්තය අවසානය දක්වාම බස්රථයේ කවුළු විවෘතව තබා ගන්නා ලෙසත් මුව ආවරණ පළදින ලෙසත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
කවුලු විවෘත නොවී පවතින ස්ථානයන් තුළ කොවිඩ් වයිරසය විශාල වශයෙන් පැතිරෙන් බැවින් බස්රථයන් තුළ කවුළු විවෘතව තැබීම ඉතාමත් වැදගත් යැයි ඔහු පෙන්වාදේ.
මෙම කොවිඩ් නව ප්‍රභේදය වායුසමීකරන කාමරයන් තුළ හෝ වාහනත තුළ ඉතා විශාල වශයෙන් පවතින බවත් එවැනි පරිසරයන්හි සිටින පුද්ගලයින්ව විශාල වශයෙන් හා විශාල වයිරස ප්‍රමාණයන්ගෙන් ආසාදනය කරන බවත් විශේෂඥවරයා පෙන්වාදේ.